Dec 13, 2012

ලක්ප්‍රියට ජාත්‍යන්තර බැඩ්මින්ටන් විනිසුරු පදවියක්

ශ්‍රී ලංකාවේ ප්‍රවීන බැඩ්මින්ටන් විනිසුරුවරයෙකු වන ලක්ප්‍රිය එදිරිසිංහ ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ විනිසුරුවරයෙකු ලෙස සුදුසුකම් ලැබීමට සමත් වී සිටියි.මේ ආකාරයට එසේ සුදුසුකම් ලද ශ්‍රී ලංකාවේ දෙවැන්නා ලක්ප්‍රිය වන අතර මීට පෙර එම සුදුසුකම ලැබීමට සමත්ව ඇත්තේ රෝහණ ද සිල්වා ය.ආසියාවේ දැවැන්ත බැඩ්මින්ටන් සංස්කාතියක් ඇති චීනය සහ ඉන්දියාව වැනි රටවල ද  ජාත්‍යන්තර බැඩ්මින්ටන් විනිසුරුවරුන් ප්‍රමාණය අතේ ඇගිලි ගණනින් මැනිය හැකි තරමට සිමා වී ඇති තත්ත්වයක ලක්ප්‍රිය ගේ සුදුසුකම් ලැබීම රටට විශාල ජයග්‍රහණයකි.
වඩා හොද විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට අවශ්‍යය ක්‍රීඩක වට පිටාවක්ද සපුරා ගෙන සිටින ලක්ප්‍රිය කලක් ජාතික තලයේ ශ්‍රේණිගත කිරීමේ ක්‍රීඩකයෙකු ලෙස ද,වරක් වෙළද සේවා බැඩිමින්ටන් සූරයා ලෙස ද කිරුළු පැළදි අයෙකි.2016 රියෝ ඔලිම්පික් සිහිනය ඇතිව සිය විනිසුරු ධූරයේ ඉතා හොදින් කටයුතු කිරිමට අපේක්ෂා කරන ලක්ප්‍රිය 2030 දී සිය විනිසුරු ධූරයට සමු දීමට තීරණය කර ඇත.
ලක්ප්‍රිය දෙවැන්නා නොව තෙවැන්නායි - සුපිරික්‍රීඩා ප්‍රධාන විධායක යත්න පෙරේරා
මෙම ප්‍රවෘත්තියේ ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ අනුමැතිය ලත් දෙවන විනිසුරු ලෙස ලක්ප්‍රිය එදිරිසිංහ පත්වීම යන්න තෙවන විනිසුරු ලෙස වෙනස් විය යුතු බව යත්න පෙරේරා අවධාරනය කරයි.රෝහණ ද සිල්වා පළමුවැන්නා නොව ඔහු ද දෙවැන්නා බව පෙන්වා දෙන යත්න පළමුවැන්නා රොහාන් ප්‍රනාන්දු නම් අයෙකු බව අවධාරණය කරයි.

www.supirikrida.com

No comments: