Dec 14, 2012

තරංගට තැන අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ටෙස්ට් ආරම්භක පිතිකරුවා ලෙස වසර ගණනක් තිස්සේ ක්‍රියා කරන තරංග පරණවිතානට ඔස්ට්‍රේලියාව සමග පැවත්වෙන ටෙස්ට් තරගයේදී කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇත.ඒ සදහා දිමුත් කරුණාරත්න යොදා ගෙන ඇත.මීට පෙර සුපිරික්‍රීඩා ඕස්ට්‍රේලියානු ආරංචි මාර්ග උපුටා දක්වමින් දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරනු ඇති බව ප්‍රකාශ කළ අතර එම ආරංචි මාර්ග වලට අනුව දිමුත් සහ පරණවිතාන ඉණිම අරඹා ඩිල්ෂාන් පසුවට යොදනු ඇති බවක් කිය වුණද අවසානයේ පරණවිතාන වෙනුවට ඕස්ට්‍රේලියානු ප්‍රහාරයට එරෙහිව වැඩි පන්දු යවන්නෙකු යෙදවීම උචිත බව සිතා කටයුතු කරන්නට  ශ්‍රී ලංකාව තීරණය කර ඇත.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රමුඛතම ටෙස්ට් වේග පන්දු යවන්නා ලෙස කැපී පෙණුන චානක වෙළගෙදර ආබාදිත තත්ත්වයෙන් පසුව ඉකුත් නවසීලන්ත සංචාරයේදී කණ්ඩායමේ අවසන් සංචිතයේ සිටිය ද,තරග වලට යොදා ගත්තේ නැති අතර මෙම තරගයේදී නැවත ඔහු කණ්ඩායමට කැදවා ඇත.ඒ කැදවා ඒම සාධාරණිය කරමින් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන ඕස්ට්‍රේලියාවේ පළමු කඩුල්ල ලකුණු පූවරුව 18 ක් ව තිබියදී අහිමි කරන්නට සමත් විය.ඒ එඩ් කොවුන් ලකුණු 4 ට ක්‍රීඩා පිටියෙන් ඉවත් කරමින්ය.
තරගයේ සජීවි ලකුණු සටහනට පහත සබදතාවය ඔස්සේ යොමු විය හැකිය.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573011.html

www.supirikrida.com

No comments: