Dec 10, 2012

බස්නාහිර බැඩ්මින්ටන් සූරතා ඕවල් සහ අපොන්සු කණ්ඩායම් දිනා ගනිති

අපොන්සු ක්‍රීඩා සමාජය
ස්නාහිර බැඩ්මින්ටන් සංගමය 39 වන වරටත් සංවිධානය කරන්නට යෙදුණ බස්නාහිර පළාත් කණ්ඩායම් බැඩ්මින්ටන් සූරතාවලියේ ඒ කොටසේ පිරිමි සූරතාවය කොළඹ ඕවල් බැඩ්මින්ටන් ක්‍රීඩා සමාජයටත් කාන්තා සූරතාවය අපොන්සු බැඩ්මින්ටන් සමාජයටත් හිමි විය.මෙම කාන්තා සහ පිරිමි දෙ'අංශයේම අනු සූරතා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් වලට හිමි විය.
ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේ දී ක්‍රියාත්මක වූ මෙම තරගාවලිය සදහා බස්නාහිර පළාත් සංගමයේ ලියාපදිංචි වූ හෝ ලියාපදිංචි නොවූ ක්‍රීඩා සමාජයකට දස්කම් දැක්වීමට හැකි පිරිදි තරග වැදීමේ අවස්ථාව විවෘත කර තිබූ බැවින් තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගත්තේය.ඒ නිසා ජාතික මට්ටමේ සිටින, ජාතික ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකට මෙම තරගාවලියේ දක්ෂතා පෙන්වීමට හැකි වීම කැපී පෙණින.
ඕවල් ක්‍රීඩා සමාජ කණ්ඩායම
බී කාණ්ඩයෙන් පිරිමි අංශයේ සූරතාවය දිනා ගනු ලැබුවේ බෑන්ක් හිල් ක්‍රීඩා සමාජ 'ඒ' කණ්ඩායමය.අනු සූරතාවය පානදුර ක්‍රීඩා සමාජ කණ්ඩායමට හිමි විය.එම කාණ්ඩයේ කාන්තා සූරතාවය ද බෑන්ක් හිල් ක්‍රීඩා සමාජ කණ්ඩායමට හිමි වූ අතර අනු සූරතාවය හිමි වූයේ මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායමට ය.සී කාණ්ඩයේ පිරිමි සූරයන් ලෙස ආදි තෝමියන් බැඩ්මින්ටන් ක්‍රීඩා සමාජය තේරී පත් වූ අතර අනු සූරයන් ලෙස තේරී පත් වූයේ පානදුර ක්‍රීඩා සමාජ කණ්ඩායමය.සී කාණ්ඩයේ කාන්තා සූරියන් ලෙස අභිශේක ලද්දේ වික්ටෝරියන් ක්‍රීඩා සමාජ කණ්ඩායම වන අතර අනු සූරියන් වූයේ පැපිලියාන බැඩ්මින්ටන් සමාජය ය.
පිරිමි ඩී කාණ්ඩයෙන් සූරතාවය හිමි වූයේ කළුතර දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමයට වන අතර අනු සූරතාවය ජොනියන්ස් බැඩ්මින්ටන් සමාජයට හිමි විය.
තරගාවලිය සදහා ප්‍රධාන අනුග්‍රාහක ආයතනය ලෙස එක් වූ සීමාසහිත එෆ්කේසී අයි ඒසියා පුද්ගලික සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක ඇන්ඩි ලී චාවෝ ද,සම අනුග්‍රහාකත්වයෙන් දායක වූ ඇස්ට්‍රොන් සමාගම වෙනුවෙන් එහි සන්නාම කළමණාකරු අසිත මීමැඩුම ද,ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ සුපිරිතරග සදහා සත්කාරකත්වය තීරණය කරන කමිටුවේ සභාපතිත්වය දරන සහ හිටපු බැඩ්මින්ටන් සංගම් සභාපතිවරයෙකු වන මහාචාර්‍ය රංජිත් ද සිල්වා ද,ඇතුළු පිරිසක් මෙහිදී ජය සංඛේත ප්‍රදානය සමග එක්විණි.
www.supirikrida.com

No comments: