
තව දුරටත් අදහස් දැක් වූ පාලිත ප්‍රකාශ කළේ ජාත්‍යන්තර බැඩ්මින්ටන් පරිපාලනයේ වගකිව යුතු අධීක්ෂනයකින් පසුව මෙම පාඨමාලාලාභින්ගේ ප්‍රතිපල ලැබෙන බවත් ඒ අනුව තවත් ලිපියකින් මෙම පාඨමාලාව නිමා කළ බවට සහතික කිරීමට ද අවස්ථාවක් ඇති බව ය.නමුත් සුපිරි ක්‍රීඩා පෙන්වා දුන්නේ මෙම පාඨමාලාවට බැඩ්මින්ටන් ප්‍රධාන පුහුණු විෂය නොවන අය ද සහභාගි වී තිබෙන බැවින් නිකුත් කළ සහතිකයේ කිසිදු තැනෙක බැඩ්මින්ටන් ලෙස සදහන් නොවීම මොවුන්ට වෙනත් ක්‍රීඩා සදහා මෙම සහතිකය භාවිතා කර නොමනා වරප්‍රසාදයක් දිනා ගැනීමට ලැබුණු අවස්ථාවක් විය හැකි බවය.පාලිත ඒ තත්ත්වයද පිළිගත් අතර ඔහු ප්‍රකාශ කළේ, අදාළ සහතිකය ගෙන්වා එම වරද නිවැරදි කළ හැකි ආකාරයක් ජාතික ඔලිම්පික් කමිටුවත් සමග සාකච්ඡා කරන බවය.
මේ පිළිබදව ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ප්‍රකාශ කළේ,එම සහතිකය පිරවීමේ වගකීම පැවරී තිබුණේ බැඩ්මින්ටන් සංගමයට බවය.නමුත් නොදන්නේ නම් තම සංගමයෙන් විමසීමක් කිරීමට තිබුණු බව පෙන්වා දුන් මැක්ස්වෙල් පැවසුවේ එසේ වූවේ නම් සිය සංගමය එය නිවැරදිව පිරවීමට අවශ්‍යය පහසුකම් සපයන බවය.
www.supirikrida.com
No comments:
Post a Comment