රූපවාහිනි කුසලාන තරගාවලියට ආයතනික ආශිර්වාදය ඇතිව ක්‍රියාත්මක වන කැෂුවලයින් ක්‍රීඩා සමාජයේ කණ්ඩායම් දෙකක් තරග වදිනවා.එහි ආකාතිය සියයට 90 ක්ම පාහේ කැෂුවලයින් සේවිකාවන්ගෙන් සමන්විත වෙනවා යැයි ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ කණ්ඩායම් කළමණාකාර චන්දන විජේසිංහ පැවසීය.තව දුරටත් අදහස් දැක් වූ චන්දන වොලිබෝල් ක්‍රීඩාව සදහාම මෙන්ම සේවයේදි දක්ෂතා හදුනා ගෙන වොලිබෝල් සදහා යොදවා ගත් පිරිසකගෙන් ද අපේ වොලිබෝල් කණ්ඩායම් සකස් වෙනවා.ඔවුන් ඔප මට්ටම් කර ඉදිරියට ගෙන ඒමට වර්ථමානයේ ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කරන ආනන්ද වන්නිතිලක දක්වන දායකත්වය අපමණයි.එසේම මහේෂ් අමලියන් මහතාගේ ඉදලා මාස් ක්‍රීඩාවේ අභිවෘද්ධියේ ශක්තිය වන ඩයන් ගෝමස් ,කැෂුවලයින් ආයතනයේ අනෝමිද සිල්වා, චන්දන ගලප්පත්ති යන මහත්ම මහත්මීන් මෙන්ම මාස් පවුලේ සහ කැෂුවලයින් ආයතනයේ සැම දෙනෙක්ම ක්‍රීඩාවට දක්වන ආදරය ,කැමැත්ත සහ ලෙංගතුකම මේ ජයග්‍රහණ වල පදනම වී තිබෙන බව ද පෙන්වා දුන් චන්දන වර්ථමාන වෙළදසේවා වොලිබෝල් සංගමයේ භාණ්ඩාගාරිකවරයා වන අතර ගෙවුණු වෙළදසේවා මලල ක්‍රීඩා සූරතාවලියේ දී අවුරුදු 35 න් ඉහළ යගුලිය සහ කවපෙත්ත ඉසව් නව වාර්තා සමගින් ජය ගනිමින් මාස් සමූහයේ අනු සූරතාවය වෙනුවෙන් සුවිශේෂි දායකත්වයක් දක්වන්නද සමත් විය.
www.supirikrida.com
No comments:
Post a Comment