Dec 11, 2012

ෆෝර්ඩ්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබදව නරක අනාවැකියක්



මෙම ඕස්ට්‍රේලියා සංචාරයෙන් පසුව මහේල ජයවර්ධන සිය ක්‍රිකට් ජීවිතය පිළිබදව තීරණයක් ගැනීමට නියමිත බව දැනටමත් ප්‍රකාශ වී අවසන් අතර මේ අතරට බොහෝවිට තිලකරත්න ඩිල්ෂාන් ද,ඇතැම් විට කුමාර සංගක්කාර සහ තිලාන් සමරවිර ද එක් වීමට ඉඩ ඇත.ඒ අනුව ජ්‍යෙෂ්ඨයන් සහ අත්දැකීම් අඩු ක්‍රීඩකයන් සමග ශ්‍රී ලංකාව අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ විශාල කඩා වැටීමකට ලක් වීමට ඉඩ ඇති බව ප්‍රකාශ කරන්නේ දකුණු අප්‍රිකානු ජාතික ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරු ගෙහැම් ෆෝර්ඩ් ය.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ක්‍රිඩකයන් සිව් දෙනාම අවුරුදු 35 ඉක්ම වූ අය බවය.
එවැනි තත්ත්වයක මේ පිරිස ගේ ක්‍රිකට් ජීව්තය තව නොබෝ කලකින් නිම වූ පසුව ඒ තැන ගැනීමට පිරිසක් සූදානම් ව නැති බව ෆෝර්ඩ් ගේ ප්‍රකාශනයෙන් ගම්‍ය වන්නේය.තව දුරටත් ෆෝර්ඩ් ගේ ප්‍රකාශය තුළින් ක්‍රිකට් පරිපාලන පසුගිය වසර ගණනක අනාගතය වෙනුවෙන් කළ බව කියන ක්‍රිකට් සංවර්ධනය සිදු වී නැති බව නොකියා ප්‍රකාශ වෙන අතර ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් තේරීමේදී දක්වන වැරදි ප්‍රතිපත්ති පිළිබදව විවේචනය කරමින් පළමු පෙළ ක්‍රිකට් ජීවිතයට සමුදෙමින් චින්තක ජයසිංහ ද මේ බව ප්‍රකාශ කළේය.නමුත් චින්තක මෙන්ම මේ රටේ ක්‍රීඩා මාධ්‍යයද ෆෝර්ඩ් ගේ අදහස ප්‍රකාශ කරමින් මීට බොහෝ කාලයකට පෙර සිට අදහස් දක්වා ඇතත් සුදු හම තියෙන අයෙකු ප්‍රකාශ කරනා තෙක් මෙවැනි කරුණු පිළිබදව වගකීමක් වගකිව යුතු අයට දැනෙන්නේ නැත.එයද හරූන් ලොගාඩ් කෝට් එක හමාරක මුදලක් ගෙන මේ රටේ ජනමාධ්‍ය විසින් පෙන්වා දෙන ලද කරුණු ඇතුළත් කර වාර්තාවක් ඉදිරිපත් කළ පසු එය පිළිගැනීමට සමානය.
www.supirikrida.com

No comments: