Dec 13, 2012

ක්‍රීඩකයාට මෙන්ම පුහුණුකරුටත් දඩුවම්

හනම් උත්තේජන චෝදනා භාවිතය හේතුවෙන් වසරක තරග තහනමකට ලක් වූ හිමාෂ ඒෂාන් ගේ පුහුණුකරු සම්බන්ධයෙන්ද වහාම ක්‍රියාත්මක වන පරිදි දඩුවම් ලබා දීමට පියවර ගන්නැයි මලල ක්‍රීඩා සංගම් ප්‍රධානින්ට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දැණුම් දි ඇත. වසර දෙකක තරග තහනමක් පැනවීමට ඇති ඉඩ - කඩ නො'සළකා ක්‍රීඩකයාගේ ලාබාල වයස පිළිබදව සැළකිල්ල යොමු කර වසරක කාලයක දඩුවමක් ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍යවරයා සහ මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානින් ලෙස සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක,ලේකම් රියල් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු සහ උප සභාපති සුනිල් ජයවීර එක් වූ මෙම සාකච්ඡාවේදී ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා විසින් දැණුම් දී ඇත.
සියළු දෙනාගේ අනුමැතිය එම දඩුවම සදහා හිමි වී ඇති අතර ක්‍රීඩාවේ විනය එම ක්‍රීඩාවන්හී උන්නතිය සදහා අත්‍යවශ්‍යය බව පෙන්වා දී ඇති ක්‍රීඩා අමාත්‍යවරයා එම ක්‍රීඩකයාගේ පුහුණුකරු සම්බන්ධයෙන්ද අදාළ දඩුවම් ගැනීම සදහා එදිනම ලිඛිතව දැණුම් දීමක් කරන ලෙස මලල ක්‍රීඩා ප්‍රධානින්ට දැණුම් දී ඇත.
www.supirikrida.com

No comments: