සුපිරික්‍රීඩා වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් දුරකථනය මගින් අදහස් දැක් වූ බැඩ්මින්ටන් සංගමයේ සභාපති පරාක්‍රම බස්නායක පැවසුවේ නිලූක කරුණාරත්න වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයා ලෙස තමා කටයුතු කළ බවත් අප ලිපියෙන් විස්තර කරන ආකාරයට තමන් අතින් වරදක් වී ඇත්නම් ඒවා නොදැන සහ යම් නොමග යැවීම් හේතුවෙන් සිදු වන්නට ඇතැයි එම ලිපිය කියවීමෙන් තමන් තේරුම් ගත් බවත් ය.
මීට පෙර ද අප වෙබ් අඩවියේ පළ වූ විවේචන දුටු බව පැවසූ බස්නායකයන්,එවැනි අවස්ථා කිහිපයකදී ම කතා කිරීමට උත්සාහ කළ ද කාර්ය බහුලත්වය නිසා අමතක වූ බවත් සෘජු විවේචන තමා ප්‍රිය කරන බවත් පැවසීය.තමා සැම විටම නිවැරදි යැයි නොසිතන නමුත් තමා සෑම විටම වැරදි නිවැරදි කර ගැනීමට සූදානම් අයෙකු බැවින් එම විවේචන ඔස්සේ වඩාත් නිවැරදි ගමනක් යාම තම අපේක්ෂාව බව ද පෙන්වා දුන්නේය.නිලූක කරුණාරත්න වෙනුවෙන් මැක්ලරන්ස් ආයතනය මෙහෙය වූ උත්සවයේදී අමාත්‍යවරයා නිලූක කරුණාරත්නට ලබා දුන් බව කියන විශාල මුදල් ප්‍රමාණය නිවැරදි නොවන බව තමා පිලිගත්තේ අමාත්‍යවරයා වැරදි ප්‍රකාශයක් කළ බව ඒත්තු ගැන්වීමට නොවන බව පැහැදිළි කළ බස්නායකයන් එය අමාත්‍යංශය විසින් වැරදීමකින් ලබා දුන් තොරතුරු මත සිදුවන්නට ඇතිය යන විශ්වාසයෙන් බවත් පැහැදිළි කළේය.
අමාත්‍යවරයා පවසන මුදල් ප්‍රමාණය සමස්ත බැඩ්මින්ටන් සංගමයට ලබා දුන් මුදලක් මිස නිලූකට පමණක් ලබා දුන් මුදලක් නොවන බව එම උත්සවයේදි බස්නායක විසින් කළ ප්‍රකාශය උපුටා දක්වමින් අප බැඩ්මින්ටන් සංගමය වැරදි තොරතුරු ලබා දී ඇතැයි කරන විවේචනය පදනම් කර ගෙන එම අදහස් ප්‍රකාශ කළ හෙතෙම ඉදිරියේදී නිලූක කරුණාරත්නට දීර්ඝ කාලීනව විදේශ පුහුණුවක් ලබා දිය යුතුව ඇතැයි පැහැදිළි කළේය.
නිලූක ගේ ඉදිරි ජාත්‍යන්තර මට්ටමේ පුහුණු කටයුතු පිලිබදව සදහන් කළ බස්නායකයන් තමා සහ නිලූක ගේ කළමණාකරු මෙන්ම අනුග්‍රාහකයාද වන රොහාන් ද සිල්වා සහ තමා නිලූකට පුහුණු කටයුතු කළ කොරියානු ජාතික පුහුණුකරු කිම් සමග සාකච්ඡා කළ බව ද නිලූක විදේශ ගත කිරීමට වඩා පුහුණුකරු මෙරටට කැදවිය හැකි ආකරයක් ගැන ද තමා එහිදී යෝජනා කළ බව ද ඔහු පැහැදිළි කළේය.වර්ථමානයේ අංක එකේ බැඩ්මින්ටන් ක්‍රීඩිකාව ලෙස කැපී පෙනෙන තිළිණි හෙන්දහේවා වැනි ක්‍රීඩිකාවක දැන් සිටම විදේශ පුහුණුවකට යොමු කිරීමේ වැදගත් කම අප විසින් මෙහිදී සභාපතිවරයාට පෙන්වා දුන් අතර මේ වන විටත් තමා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් ඇය මෙන්ම කාවින්දි,සහ ෂුස්මිතා යන ක්‍රීඩිකාවන් මෙන්ම අචිනි රත්නසිරි වැනි අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් පිළිබදවද එවැනි අවධානයක් යොමු කිරීම සිය අපේක්ෂාව බවද පැහැදිළි කළේය.
යළිත් නිලූක කරුණාරත්න සමග තරග පිටියට පුහුණුකරුවෙකු නොපැමිණිම ගැන අදහස් දැක් වූ සභාපතිවරයා කොරියානු පුහුණුකරුට එහි ඒමට අවකාශ නොතිබීමට හේතුව ඔහු පෝලන්ත ජාතික පුහුණුකරු ලෙස කටයුතු කිරීම බව පැහැදිළි කළේය.ක්‍රීඩා අමාත්‍යවරයා විසින් යොමු කළ පුහුනුකරුවෙකු වන ලුවී කරුණාරත්න වෙනුවෙන් අවසර පත්‍රයක් සැකසී නොතිබීම එයට හේතු වූ බව පැවසූ සභාපතිවරයා එහිදී යම් අඩුවක් වී තිබෙන බවට අප විසින් පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් විරුද්ධත්වයක් පළ නොකළේය.කිසිවෙකු නොමැති තැන තමාට අන්තර්ජාතික බැඩ්මින්ටන් සම්මේලන සාමාජිකයෙකු ලෙස එහි අසුන් ගැනීමට ඇති අයිතිය පාවිච්චි කර නිලූක ගේ ද ඉල්ලීම පිට තමා එහි අසුන් ගත් බව පැහැදිළි කළේය.
කොරියනු සංචාරයට කළමණාකරුවෙකු ලෙස සහභාගි කිරීමට එම සංචාරයට පුතෙකු එක් වු උප සභාපතිවරයෙකුගේ ආවතේවකම් සහ රියදුරුකම් කරන අයෙකු සහභාගි කරවිම තමා දැනුවත්ව කළ දෙයක් නොවන බව පෙන්වා දුන් සභාපතිවරයා ඔහු සහභාගි වූ සංචාරයේ එම තනතුර සදහා කෙනෙකු නම් කර එවන ලෙස සංගම් කිහිපයකට දැණුම් දුන්නත් දකුණු පළාතෙන් පමණක් මොහු එහි කමිටු සාමාජිකයෙකු බව කියමින් යෝජනා කර එවා තිබූ බව පැවසීය.ඒ අනුව ඔහු ව සංචාරයට නම් කිරීමේදී ගැටළුවක් නොවුණු බව පෙන්වා දුන් සභාපතිවරයා නමුත් එය තමා පෙර සදහන් කල නොමග යැවීමකින් වූ වරදක් බව ද පෙන්වා දුන්නේය.
නැවත නැවතත් අප විසින් දිගින් දිගටම විවේචනාත්මකව වැරදි පෙන්වා දීම පිලිබදව කරුණු දැක් වූ සභාපතිවරයා එයට ස්තූති කරන අතරේම එම වැරදි නිවැරදි කර ගෙන ඉදිරියට යාමට එය විශාල රුකුලක් වනු ඇති බවත් සදහන් කළේය.

No comments:
Post a Comment