අතිශයින් සංවේදී මිනිසෙකු ලෙස ප්‍රකට සුපිරි මීටර් 400 කඩුලු මතින් දිවීමේ සූර ෆෙලික්ස් සැන්චස් සිය දෙවන ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට ඊයේ සමත් වුණා.තත්පර 47.63 ක කාලයකින් සිය ඉසව්ව නිමා කළ සැන්චස් තරගය අවසානයේ තම උඩුකය ඇදුම තුළින් ගත් සිය මිත්තනියගේ ඡායාරූපයක් ධාවන පථය මත තබා ගෙන සිප ගන්නට වුණා.මියගිය මිත්තනියගේ බලාපොරොත්තුවක් සපල කිරීමක් හැටියට එම ජයග්‍රහණය ඇය වෙත පිදූ සැන්චෙස් ජය සංඛේත ප්‍රදානයේදී ඉතාමත් හැගුම්බරව කදුළු වගුරද්දී මුළු ක්‍රීඩාංගණයම සිය අසුන් වලින් නැගිට මේ තිස් හතර හැවිරිදි ඩොමිනිකන් ජාතිකයාට ගෞරව කළා.
වසර 2000 දී සිය ප්‍රථම ඔලිම්පික් අත්දැකීම සිඩ්නි වලදී ලබාගන්නා සැන්චෙස්,එහි අවසාන පූරව තරග සදහා දක්වා තරග වදිනවා.2001 සිට 2004 දක්වා 43 ක් වරක් සිය අපරාජිත තත්ත්වය රැක ගන්නා සැනචෙස් 2004 ඇතැන්ස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නේ තත්පර 46.63 ක දක්ෂතාවයක් දක්වමින්.2008 වන විට ආබාධයකින් පෙළෙමින් සිට නැවත යථා තත්ත්වයට පත් වෙමින් සිටින සැන්චෙස්ට බීජිං ඔලිම්පික් උළෙලේ පළමු වටයෙන්ම ඉවත් වන්නට සිදු වෙනවා.
ජාතික වීරයෙකු ලෙස ඩොමිනිකන් රජය විසින් පිළිගනු ලබන සැන්චෙස් නමින් එහි ජාතික ක්‍රීඩාංගණය පවා නම් කර තිබෙනවා.සිය නමින් පවත්වා ගෙන යන පදනම මගින් කුඩා දරුවන්ට උදවි අපකාර කරන සැන්චෙස්,විශේෂයෙන් දරුවන්ගේ ඉංග්‍රිසී දැණුම වර්ධනය කිරිම සදහා කැපවීමෙන් කටයුතු කරමින් සිටිනවා.
සැන්චෙස් සිය සිව්වන ඔලිම්පික් උළෙලට සහභාගි වෙමින් මීටර් 400 කඩුලු මතින් දිවීම වැනි ඉසව්වක රන් පදක්කම දිනා ගැනීම කැපී පෙනෙන දක්ෂතාවයක් වන අතර එහි රිදී පදක්කම ඇමෙරිකාවට දිනා දෙන්නට මයිකල් ටෙන්ස්ලි සමත් වෙනවා.මේ වසර පුරාම මෙම ඉසව්වේ අපරාජිතත්ත්වය රැක ගෙන සිටි පුවාටරිකෝ හී ජෙවියර් කොල්සන් ලෝකඩ පදක්කමෙන් සෑහෙන්නට සිදු වුණා.
www.supirikrida.com

No comments:
Post a Comment