ඔලිම්පික් ඉතිහාසයේ ටෙනිස් යුගල තරගයක දී තෙවන වරටත් රන් පදක්කම් දිනීමට ඇමෙරිකාවේ සෙරීනා සහ වීනස් විලියම්ස් සොහොයුරියෝ සමත් වුණා.2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී මෙම සොහොයුරියන් දෙදෙනා කාන්තා යුගල තරගයේ රන් පදක්කම දිනා ගැනීමට අමතරව වීනස් එහි කේවල රන් පදක්කමද දිනා ගනු ලැබුවා.නැවත 2008 බීජිං ඔලිම්පික් උළෙලට සහභාගි වන වීනස් සහ ෂෙරිනා එම තරගාවලියේ යුගල රන් පදක්කමේ උරුමක්කාරියෝ වූවා.මෙවර නැවත සෙරීනා වර්ථමානයේ ලොව අංක එකේ ටෙනිස් ක්‍රිඩිකාව වන මාරියා ෂරාෆෝවා පහසුවෙන් පරාජය කරමින් නොනැවතී සිය සොහොයුරිය විනස් සමග එක්ව චෙකොස්ලොවේකියාවේ ඇනඩ්‍රියා හැලවකෝවා සහ ලුසී හැඩෙකා පරාජයට පත් කරමින් කාන්තා යුගල රන් පදක්කමද දිනා ගන්නේ මේ දෙදෙනා එක්ව දිනා ගත තෙවන යුගල රන් පදක්කම ලෙස ඉතිහාසයට එකතු වෙමින්.
එසේම සෙරීනා ගේ මෙම ජයග්‍රහණයත් සමග ස්ටෙෆි ග්‍රාප් හා සම වීමට ද ඇයට හැකියාව ලැබෙන අතර ඔලිම්පික් රන් පදක්කමක සහ ප්‍රධාන පෙළේ ග්‍රෑන්ඩ් ස්ලෑම් තරග හතරක ජයග්‍රහණය ලැබූ අයෙක් ලෙස සෙරීනා ස්ටෙෆී හා සම තත්ත්වයට පත් වෙනවා.එසේම මෙම ඔලිම්පික් උළෙලේ දී රොජර් ෆෙඩරර් දිගින් දිගටම බලාපොරොත්තු නැති අභියෝග වලට ලක් වීම කැපී පෙණුන අතර අවසානයේ ඔහුට එම කේවල රන පදක්කම අහිමි කරමින් එංගලන්තයේ ඇන්ඩි මරේ ඔලිම්පික් කේවල සූරතාවය දිනා ගැනීමත් මේ වසරේ ඔලිම්පික් ටෙනිස් පිටියේ වාර්තාගත සිදුවීම් අතර කැපී පෙණුනා.
www'supirikrida.com
No comments:
Post a Comment