
ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වන කැමරුන් ක්‍රීඩක කණ්ඩායමේ හත් දෙනෙකු මේ වන විට අතුරුදහන් වී තිබෙන බව ලන්ඩනයෙන් වාර්තා වේ.අතුරුදහන් වූ හත් දෙනා අතරට බොක්සිං ක්‍රීඩකයන් පස් දෙනෙකුම ඇතුළත් වී ඇති අතර පිහිණුම් ක්‍රීඩකයෙක් සහ පාපන්දු ක්‍රීඩකයෙක් ද ඒ අතර වේ.තෝමස් එසොම්බා,ක්‍රිස්ටියන් ඩොන්ෆැක්,ඇබ්ඩන් මිවෝලි,බ්ලැසි යෙප්මොව් සහ සර්ගි ඇම්බොමෝ යන බොක්සිං ක්‍රීඩකයන් ද,පෝල් එකානේ යන පිහිණුම් ක්‍රීඩකයා සහ කැමරුන් කණ්ඩායම වෙනුවෙන් තරග බිමට පිවිසීමට වරම් නොලත් පාපන්දු සංචිතයට අයත් ව සිටි ඩ්‍රසෙලි එන්ගාකෝ මේ අතුරුදහන් වූ ක්‍රීඩක සංයුතිය නියෝජනය කරනවා.
මේ අතුරුදහන්වීම පිළිබදව කණ්ඩායම්භාර නිලධාරීන් විශාල ගැටළු ගණනාවකට මුහුණ දී සිටින අතර විදෙස් වාර්තා පෙන්නා දෙන්නේ මිලියන 12 ක් පමණ වන කැමරුන් රැකියා වියුක්තියන් අතරට වැටෙන මෙම ක්‍රීඩකයන් යුරෝපීය රැකියා වෙළද පොළෙන් අවස්ථාවක් ලබා ගැනීම පිණිස කණ්ඩායමෙන් පලා යන්නට ඇති බවයි.
www.supirikrida.com
No comments:
Post a Comment