ඉකුත් වසරේ ලොව විශිෂ්ඨතම මලල ක්රීඩිකාව ලෙස නම් කළ සැලී පියර්සන් නව ඔලිම්පික් වාර්තාවක් (තත්.12.35) සමග මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්ව ජය ගත්තේ 2008 වසරේදී තමන් දිනූ රිදී පදක්කම රන් පදක්කමක් බවට පෙරළා ගනිමින්ය.එම ක්රීඩා උළෙලේ රන් පදක්කම දිනූ ඇමෙරිකානු ක්රීඩිකා ඩොන් හාපර් රිදී පදක්කමට හිමිකම් කියූ අතර නමුත් ඇයද සිය ජීවිතයේ හොදම තරග නිමි කිරීමේ කාලය වාර්තා කරමින් පැවති ඔලිම්පික් වාර්තාව සම කරමින් තත්පර 12.37 ක කාලයක් ගත කරන්නට සමත් වූවාය.
ඉතා වේගවත් තරගයක යෙදෙමින් සියළු දෙනාම මේ තරගය ජය ගැනීමට කළ උත්සාහය නිසා තරග නිමා කිරීම් ඇතැම් රටවල ජාතික වාර්තා බවට පත් වෙද්දී බොහෝ දෙනෙකු සිය හොදම පෞද්ගලික කාලය වාර්තා කිරීම ද කැපී පෙණින.තරගයේ තෙවන සහ සිව්වන ස්ථාන සදහා පිළිවෙලින් පත් වූ ඇමෙරිකාවේ කෙලී ලේස් තත්.12.48 ක් වාර්තා කරද්දී ලෝලා ජෝන්ස් සිය කාලීන හොදම දක්ෂතාවය ලෙස තත්පර 12.58 ක් වාර්තා කරන්නට සමත් විය.
පස්වන ස්ථානයට පත් වූ තුර්කියේ වැනිට් නෙවින් නව ජාතාක වාර්තාවක් තබමින් තත්පර 12.58 කින් සිය ඉසව්ව නිමා කළ අතර හයවන තැනට පිවිසි කැනඩාවේ ජෝජ් පිලිසියා සිය හොදම පෞද්ගලික කාලය සම කරමින් තත්පර 12.65 ට ඉසව්ව නිමා කළාය.
www.supirikrida.com

No comments:
Post a Comment