"රැකවල් බැමි ලිහිණ ලේ සුවද හැමු විට
වැටවල් උඩින් පැන දිව ආමි තුරුළට
රටවල් සිය ගණන් පසු කර ලැබූ දිනුමට
මේ හාදුව තරම් වටිනා දෙයක් වේද පියෙකුට"
අප්‍රිකානු රටවල් සතුව පැවති මීටර් 10,000 ඉසව්ව බ්‍රිතාන්‍ය නියෝජනය කළ මොහොමඩ් ෆාරා විසින් ජයග්‍රහණය කළා.තරගයේ මුල සිටම ඉතියෝපියානුවන් සහ කෙන්යානුවන් පෙරමුනේ ධාවනයේ යෙදුනද,මීටර් 9000 සීමාවට පිවිසෙන විට ක්‍රමයෙන් ෆාරා ඉදිරියෙන් ධාවනයේ යෙදෙන්නට පටන් ගත් අතර අවසන් මීටර් 400 තත්පර 53 කාලයකින් නිමා කරමින් ඔහු තරගය ජය ගනිද්දී දෙවන ස්ථානය ඇමෙරිකාවේ රප් ගැලන් වෙත හිමි වුනා.මීටර් 10000 ලෝක වාර්තාව මෙන්ම ඔලිම්පික් ජයග්‍රාහකයාද වන ඉතියෝපියාවේ කෙනනිසා බෙකලේ ට පදක්කමක් ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර ඔහු සිව්වන ස්ථානය දිනා ගනිද්දී තෙවන ස්ථානය තරිකු බෙකලේ විසින් දිනා ගත්තා.
මොහොමඩ් ෆාරා සෝමාලියාවේ උපත ලැබුවද ඔහු බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන්නේ සිය පියා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වීම නිසයි.1983 මාර්තු 23 සෝමාලියාවේ මොගඩිසු හී උපත ලබන 29 හැවිරිදි ෆාරා සිය පවුල සමග බෙහෙවින් ඇලුණු පුද්ගලයෙක්.සිය බිරිද ටානියා ට මෙන්ම දියණිය රිහානාට ද දැඩිව ආදරය කරන ෆාරා ගේ ජයග්‍රහණයත් සමග සිය දියණිය ආරක්ෂක වැට කඩුලු අතරින් ධාවන පථයට පැන සිය පියාව බදා ගත් අයුරු ඡායාරූපයේ දැක්වෙනවා.එසේම සිය දෙවන දරු උපත සදහා සූදානම් වෙමින් සිටින ටානියා ද ධාවන පථයට පිවිස ෆාරා සිප ගනිමින් සුභ පැතුවා.
සිය දියණිය දුටු සැනින් ඈ එන මගට පිවිසි ෆාරා ඇය දැඩිව ආදරයෙන් සිප ගත්තේ අන් කිසිවක් ඈ තරම් ඔහුට නොවටිනා බව කියන්නට මෙන්.ඡායාරූපයේ දැක්වෙන්නේ ෆාරා සහ රහීනා ඡායාරූප ශීල්පීන්ගේ කැමරා කාච වලට මැදි වූ අවස්ථාවක්.www.supirikrida.com

No comments:
Post a Comment