කාන්තා ලෝක සුරතාවය දිනා සිටින ජපන් පාපන්දු කණ්ඩායමට 2 - 1 ක පරාජයක් උරුම කර දුන් ඇමෙරිකානු කාන්තා පාපන්දු ක්‍රීඩිකාවෝ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ කාන්තා පාපන්දු රන් පදක්කමට උරුමකම් කීහ.අමෙරිකානු කන්ඩායම වෙනුවෙන් අටවන සහ පනස් හතර වන විනාඩි වලදී ඇමෙරිකාව වෙනුවෙන් ගෝල රැස් කර ගැනීමට සමත් වූ කලි ලොයිඩ් ඇමෙරිකාවට මෙම රන් පදක්කම දිනා දීමට මුල් වූ ක්‍රීඩිකාව වූවාය.
ලෝක සූරී ජපන් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය රැස් කිරීමේ භාග්‍යය යුකී ඔගිමි විසින් දිනා ගත් අතර ඇය තරගයේ 63 වන මිනිත්තුවේදී එම ගෝලය රැස් කළාය.තරගයේ වැඩි දක්ෂතා ඇමෙරිකාවෙන් වාර්තා වූ අතර තරගයේ උණුසුම කෙතරම් ඉහළ මට්ටමක පැවතියද තරගයේ එක කහ කාඩ් අවවාදයක් පමණක් දකින්නට ලැබුණු අතර එම අවවාදය ලැබුවේ ඇමෙරිකානු කණ්ඩායමේ සුපිරි පෙර පෙළ ක්‍රීඩිකා ඇබී වැම්බැක්ය.
තරගාවලියේ ලෝකඩ පදක්කම ප්‍රංශය පරාජය කළ කැනඩාවට හිමි වූ අතර ඡායාරුපයෙන් දැක්වෙන්නේ ඇමෙරිකාව වෙනුවෙන් ගෝල ද්විත්වයක් රැස් කළ අංක 10 ක්‍රීඩිකා කලී ලොයිඩ් ය.
www.supirikrida.com

No comments:
Post a Comment