මෙවර ඔලිම්පික් උළෙලේ පළමු මලල ක්‍රීඩා ලෝක වාර්තාව පිහිටුවීමට මීටර් 800 සූර ඩේවිඩ් රුඩීෂා සමත් වූ අතර ඊයේ (අගෝස්තු 11) දෙවන ලෝක වාර්තාව තැබීමේ ගෞරවය ඇමෙරිකානු මීටර් 4 x 100 සූරියෝ අත් කර ගත්හ.තත්පර 40.82 කින් ඉසව්ව නිමා කළ ඇමෙරිකානු සහය දිවීමේ කණ්ඩායමට බියන්කා නයිට්,ටියානා මෙඩිසන්,ඇලිසන් ෆෙලික්ස් සහ කාමලිටා ජෙටර් ඇතුළත් වූහ.ඉතිහාසයේ පැවති වේගවත්ම මීටර් 4 x 100 කාන්තා තරගයක් බවට පත් කළ මෙම තරගයේ දෙවන ස්ථානය දිනු සුපිරි ක්‍රීඩිකාවන් වන ෂෙරොන් සිම්ප්සන්,කෙරන් ස්ටුවර්ට්,වොරෝනිකා කැම්බල් සහ ෂැලී ඈන් ප්‍රෙෂර් සහභාගි වූ ජැමෙයිකානු කණ්ඩායම සිය ඉසව්ව නිමා කළේද නව ජැමෙයිකානු ජාතික වාර්තාවක් සමගින් තත්පර 41.41 ට ය.
තෙවන ස්ථානය දිනූ යුක්රේනය ද ජාතික වාර්තාවක් තැබූ අතර ඔවු්න්ට තත්පර 42.04 ක කාලයක් මෙම ඉසව්ව සදහා ගත වූ අතර සිව්වන ස්ථානය නයිජීරියාවද සිය කාලීන හොදම දක්ෂතාවය වන තත්පර 42.64 ක් වාර්තා කරන්නට සමත් විය.
www.supirikrida.com

No comments:
Post a Comment