Mar 11, 2012

සත් ප්‍රයාම ගෘහස්ත ලෝක වාර්තාව අලුත් වෙයි


මේ මොහොතේ තූර්කියේ ක්‍රියාත්මක ජගත් ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේ දෙවන දිනයේ පිරිමි සප්ත ප්‍රයාම තරගයෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවන්නට ඇමෙරිකාවේ ඇස්ටන් ඊටන් සමත් වුණා. තිබූ වාර්තාව ලකුණු 77 කින් අභිබවා යමින් ඇස්ටන්, මෙම ඉසව් හත තුළ ලකුණු 6645 ක් රැස් කළා.තරගාවලියේ පළමු දිනයේ සහ දෙවන දින‍ය ඇසුරේ ක්‍රියාත්මක වූ සත් ප්‍රයාම ඉසව්වට ප්‍රථමයෙන් ප්‍රථම දිනයේ නිමා වූ පංච ප්‍රයාම තරගයේදී යුක්රේනයේ නතාලියා ඩොබිරින්ස්කා ද ලෝක වාර්තාවක් තැබීමට සමත් වීම කැපී පෙණුනා.
මේ අතර ගෘහස්ථ පිටියේ වේගවත්ම ධාවකයා වන්නට ඇමෙරිකාවේ ජස්ටින් ගැට්ලින්ට හැකි වුණා.ඔහු ඒ සදහා මීටර් 60 ඉසව්වේ ජයග්‍රාහකයා වන්නට සමත් වුණේ,එම ඉසව්ව තත්පර 6.46 ක කාලයක් වාර්තා කරමින්.මේ අතර ඉකුත් වසරේ ජිත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය විසින් වසරේ සුපිරි ක්‍රීඩිකාව ලෙස නම් කළ සැලී පියර්සන් තව දුරටත් එම කීර්තිය සුරක්ෂිත කර ගනිමින් මීටර් 60 කඩුලු දිවීම ඉසව්වේ දී තත්.7.73 ක කාලයක් වාර්තා කරමින් එහි රන් පදක්කම දිනා ගත්තා.

No comments: