Mar 13, 2012

එන්සීසී කණ්ඩායම පළමු කොටසෙන් හැලේ


ළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසාන ලකුණු සටහනට අනුව ප්‍රබල එන්සිසී කණ්ඩායමට ලබන වසරේ දී පළමු පෙළ තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව අහිමි වී යනු ඇත.පලමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ අවසානයට පැමිණෙන කණ්ඩායමට ඊට පසු වසරේ බී කාණ්ඩය නියෝජනය කිරීමට සිදුවන නිසා කුමාර් සංගක්කාර,දිනේෂ් චන්දිමාල්,උපුල් තරංග සහ ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයන් නියෝජනය කරන එන්සීසී ක්‍රීඩා සමාජයට 2013 වසරේ ක්‍රිකට වාරයේදී බී කොටසෙන් තරග වදින්නට සිදුවනු ඇත.
විශේෂයෙන්ම මෙම ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සුපිරිතම ක්‍රීඩකයටෙ පළමු පෙළ තරගාවලි‍යේ දී කණ්ඩායමට සිය දායකත්වය ලබා දීමට නොහැකි වීම නිසා එම කණ්ඩායමට මෙම ඉරණමට මුහුණ දීමට සිදු වූ බව සිතන්නට හැකි නමුත් තවත් ආකාරයකින් වෙනත් ක්‍රීඩා සමාජ තරග අවස්ථා බලාපොරොත්තුවෙන් වෙනත් ක්‍රීඩා සමාජ වෙත යොමු වීම නිසා දථමෙවැනි ක්‍රීඩා සමාජ වෙත ශක්තිමත් දෙවන පෙළක් නැති වී යාම ද මෙම තත්ත්වයට බල පා ඇති බව සිතිය හැකිය.
ඉකුත් වසරේ මෙම ඉරණමට තවත් ‍ඓතිහාසික ක්‍රීඩා සමාජයක් වන කොළඹ ක්‍රිකට් සමාජය මුහුණ දුන් අතර ඔවුන් මේ වන විට ද දෙවන පෙළෙන් ඉහළට පැමිණිය නොහැකි  මට්ටමක පසු වෙයි.ඒ අතර ප්‍රබල සිංහල ක්‍රීඩා සමාජයේ යොවුන් කණ්ඩායම ද අවසාන වරට පැවති අවුරුදු 23න් පහළ තරගාවලියේ දී අවසාන ස්ථානයට පත් වී පළමු පෙළෙන් ඉවත් වන තත්ත්වයට පත් වී ඇත.
මෙවර පළමු පෙළ තරගාවලියේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම ලෙස කෝල්ට්ස් ක්‍රීඩා සමාජය තේරී පත් වී සිටිනඅතර එම ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඇන්ජලෝ මැතිව්ස්,තිසර පෙරේරා,නුවන් කුලසේකර වැනි ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම සමග සිටියත් තරගාවලිය පාලනයකින් යුතුව පවත්වා ගැනීමට එම ක්‍රීඩා සමාජයට හැකි වී ඇත.
වැඩිම ලකුණු ලාභියා ලෙස චාමර සිල්වා ඉදිරියෙන් සිටියි.ඔහු බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරන්නෙකි.කඩුලු ලබා ගැනීමෙන් පෙරමුණේ සිටින්නේ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන වමත් දග පන්දු යවන්නෙකු වන මාලින්ද පුෂ්පකුමාරය. තරගාවලිය තුළ ඉහළම ලකුණු ලාභීන් අතර හයවන ස්ථානයේ  රැදෙන බ්ලූම්‍ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ චින්තක ජයසිංහ ළග එන 20 – 20 තරගාවලිය සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කර ගත හැකි ක්‍රීඩා විලාශයක් දක්වා ඇති අතර ඔහු ලකුණු 637 ක එකතුවක් ලබා ගෙන ඇත්තේ ශතක දෙකක් සහ අර්ධ ශතක 3 ක් සමග ලකුණු ලබා ගැනීමේ වේගය 114.56 ක් ලෙස ප්‍රවේගකාරී මට්ටමක රදවා ගනිමින් ය.
මේ අතර බී කාණ්ඩයේ තරග වලදී ප්‍රථම ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමට හැකි වී ඇත.

No comments: