Mar 15, 2012

ලංකාවෙ කෙල්ලන්ට ආසියාවේ තෙවන තැන - ඉන්දියාව එක


කොළඹ, පොලිස් බලකා මූලස්ථානයේ ක්‍රියාත්මක පැවති අවුරුදු 13 න් පහළ ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර සූරතාවය ඉන්දියාවටත් දෙවන තැන ඉරානයටත් හිමි විය.ලීග් ක්‍රමයට ක්‍රියාත්මක වූ තරගාවලියේ අපරාජිත ඉන්දියාව ඊයේ සිය අවසන් තරගය භූතානයට එරෙහිව ගෝල 13 – 0 ක් ලෙස අති විශිෂ්ඨ ජයක් ලබා ගනිමින් සූරතාවයට හිමිකම් කීවේය.
ඉන්දියාවට පමණක් පරාජය වූ ඉරාන කණ්ඩායම ඊයේ තරගාවලියේ අවසාන දිනයේදී තම අවසාන තරගය ජෝර්දානයට එරෙහිව 6 -0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.ඉන්දියාවට සහ ඉරානයට පමණක් දෙවැනි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයේ තමන් මුහුණ දුන් අවසාන තරගය ජෝර්දානයට එරෙහිව 3 – 1 ලෙස ජය ගනිමින් තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගත්හ.
තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නියෝජ්‍ය විධායක අනුර ද සිල්වා එක් වූ අතර තරගාවලිය මෙහෙයවීම සම්මේලනයේ කාන්තා පාපන්දු අංශ ප්‍රධානි ඔලිවියා ගමගේ ගේ ප්‍රදානත්වයෙන් සිදුවිය.

No comments: