Mar 13, 2012

ශ්‍රී ලංකාවට වාඩුව ගන්න අවස්ථාවක්


කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගාවලියේදී ලකුණු 300 ඉක්මවා ලබා ගත්ත ද ශ්‍රී ලංකාවට ජයග්‍රහණයට අවස්ථාවක් ලබා ‍නොදුන් ඉන්දියාවෙන් එම වාඩුව ගැනීමට ලැබෙන හොද අවස්ථාවක් හැටියට අද ආසියානු කුසලාන තරගය යොදා ගැනීමට ශ්‍රී ලංකාව සියලු උත්සාහයන් දරනු නිසැකය. එහිදී ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ තුරුම්පුව ලෙස සිය ශක්තිය හා සමානවම බුද්ධිය මෙහෙයවීම ද ප්‍රයෝජනයට ගැනීම ශ්‍රී ලංකාවේ හිතසුව පිණිස වන්නේය.
පිතිකරුවා තමන්ගේ ශක්තියෙන් පරාජය කිරීමට උත්සාහ ගැනීමේ අනන්‍යතාවය සහිත පන්දු යවන්නෙකු වන මාලිංග,එයට පිතිකරුවාගේ දුර්වලකම් සිය වාසිය සදහා යොදා ගන්නා පන්දු යවන්නෙකු යන අංගයද ඇතුළත් කර ගත යුතුව ඇති බව තේරුම් ගත යුතුය.එසේ නොවන්නේනම් පන්දු යවන්නා පහසුවෙන් අධ්‍යයනය කිරීමට ලැබෙන අවස්ථාවෙන් උපරිමය ලබා ගන්නා පිතිකරුවන් ඉදිරියේ ගෙවුනු කොමන්වෙල්ත් තරගාවලියේ බොහෝ විට දකින්නට ලැබුණු ප්‍රතිපලයට සමාන ප්‍රතිපලයකින් මාලිංගට මෙන්ම ශ්‍රී ලංකාවට ද අවැඩක් විය හැකිය.
මේ තරගාවලිය පුරාවටම බොහෝ විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය දග පන්දු යවන්නා වීමට සචිත්‍ර සේනානායකට අවස්ථාව ලැබීමට ඇති ඉඩකඩ විශාලය.තිසර පෙරේරා ද සම්පූර්ණයෙන් සුවය ලබා ඇත්නම් සචිත්‍ර ගේ පැමිණීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ බල ඇණිය අංක 10 තෙක්ම විශ්වාසයක් තැබිය හැකි ලේබලයෙන් පවත්වා ගැනීමට අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.නමුත් ඉන්දීය පිතිකරු බල ඇණිය ද අංක 10 රවි චන්ද්‍රන් අශ්වින් තෙක්ම පිතිකරුවන්ගෙන් බහුල වීම ද අවධානයට ලක් කළ යුතු අතර ඒ නිසා ලබා දෙන හැම අනවශ්‍යය ලකුණක්ම මෙන්ම ලබා නොගන්නා හැම අවශ්‍යය ලකුණක්ම කණ්ඩායම් දෙකේම  ක්‍රීඩකයන්ට විශාල පීඩනයක් ඇති කරනු නිසැකය. 

No comments: