Mar 12, 2012

හෆීස් පිත්තෙන් සහ පන්දුවෙන් ගත් විශිෂ්ඨ ආරම්භයෙන් ආරම්භක ජය පකිස්තානයට

මොහොමඩ් හෆීස්

පකිස්තාන කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස් ආරම්භක පිතිකරුවා මෙන්ම ආරම්භක පන්දු යවන්නා ලෙස ද ක්‍රීයා කරමින් පෑ සාර්ථකත්වය හේතු කර ගෙන සියානු කුසලාන තරගාවලියේ ආරම්භක තරගයෙන් ලකුණු 21 ක ජයක් ලබන්නට පකිස්තානයට හැකි විය.කාසියේ වාසිය ලැබූ බංගලාදේශයේ ආරාධනය පරිදි  පළමුව පන්දුවට පහර දුන් පකිස්තානය වෙනුවෙන් මොහොමඩ් හෆීස් සහ නසීර් ජම්ෂෙඩ් ලකුණු 135 ක සබදතාවයක් පවත්වමින් ගෙන දුන් සාර්ථක ආරම්භය නොවන්නට පකිස්තානය විශාල අමාරුවක වැටෙන්නට තිබිණ.ඉන් පසුව පෙරහැරක් සේ පැමිණි විගස ආපසු හැරී යන පිතිකරු නාමාවලියේ ලොකුම ඉණිම ලෙස වාර්ථා වූයේ පන්දු 25 දී උමාර් ගුල් ලැබූ ප්‍රවේගකාරී ලකුණු 39 යි.ඒ නිසා 8 වන කඩුල්ලට සෆ්රාස් අහමඩ් (19) සහ ගුල් විසින් එක් කළ ලකුණු 53 නොවන්නට පකිස්තාන ඉණිම ලකුණු 225 න් මෙපිට නවතින තත්ත්වයක් දකින්නට ලැබිණි.
බංගලාදේශ පිතිකරුවන් ගේ අපරික්ෂාකාරීත්වය සහ ප්‍රවේගකාරී වීමට උත්සාහ දැරීමේ පිතිකරණ රටාවෙන් ප්‍රතිපල ලැබුණේ අපරික්ෂාකාරීත්වයට වූ අතර තමීම් ඉක්බාල් (64 ) සහ නසිමුදීන් (30) ආරම්භක කඩුල්ලට එක් කළ ලකුණු 45 ක සබදතාවයත්,අනතුරුව තමීම් ජහුරල් ඉස්ලාම් (23) සමග දෙවන කඩුල්ලට තැබූ එම ලකුණු ප්‍රමාණයේම සබදතාවයත් විශේෂයෙන් ඉණිමේ අවසාන භාගයේ සකීබ් අල් හසන් (64) සහ නසීර් හුසේන් (47) එක්ව හයවන කඩුල්ලට එක් කළ ලකුණු 89 ක සබදතාවයටත් අන් කිසිදු බංගලාදේශ පිතිකරුවෙකුට ඉලක්කම් දෙකක ලකුණු දායකත්වයකින් දායක වන්නට නොහැකි වීම බංගලාදේශයේ පරාජයට හේතු විය.ලකුණු 262 ක් වූ පකිස්තානයේ ඉලක්කයට ප්‍රමාණවත් සබදතා තුනක් බංගලාදේශ බණිමෙන් වාර්තා වුව ද ඒ මත ගොඩ නැගෙන්නට නොහැකි ශක්තියක් මෙන්ම බුද්ධියක් නොමැති වීමද බංගලාදේශ පිලේ බරාජයට මූලික වූ අතර උමාර් ගුල් ලකුණු 58 ට කඩුලු 3 ක් ද හෆීස් ලකුණු 40 ට කඩුලු 2 ක් ද දවා ගනිමින් පන්දු යවන්නන් අතරින් පෙරමුණ ගත්තේය තරගයේ සමස්ථ ලකුණු විස්තරයට පහත සබදතාවය ඔස්සේ පිවිසිය හැකිය.


No comments: