Mar 17, 2012

සොදුරු සිහිනයක් සැබෑ කිරීමේ වග කීමට තරුණ සේවා සභාවේ සවිය



රුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කරන ‘සිහිනය’ ශ්‍රී ලංකා යූත් ක්‍රීඩා උළෙල මාර්තු 20 සහ 21 යන දිනවල මහරගම ශ්‍රී ලංකා යූත් ක්‍රීඩාංගණයේදී පැවත්වේ.පූර්ණ දෘෂ්‍යාබාධිත තරග,අර්ධ දෘශ්‍යාබාධිත,මන්ද මානසික,රෝද පුටු,සහ ශ්‍රවණාබාධිත ලෙස තරග අංශ කිහිපයකට ප්‍රබේද කර අදියර 5 කින් තරග පැවත්වෙන අතර අවුරුදු 20 න් ඉහළ සහ පහළ වශයෙන්  පැවත්වෙන අතර මේ සදහා මීටර් 75,100,200,400,යන ධාවන ඉසව්ද,දුර පැනීම,උස පැනීම,බෝලය වීසි කිරීම,යගුලිය වීසි කිරීම සහ රෝද පුටු තරග ද අතුළත් ය.

අවුරුදු 13 – 29 යන වයස් ඛාණ්ඩවලට අයත් විහේෂ අවශ්‍යයතා ඇති තරුණ තරුණියනට විවෘත මෙම තරගාවලියේ දී එක් තරග කරුවෙකුට සහභාගි විය හැකි උපරිම ඉසව් ප්‍රමාණය 3 ට සීමා කර ඇත.දිවයිනේ සියළුම පළාත් නියෝජනය වන ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් 550 ක් පමණ සහභාගි වෙනු ඇතැයි අපේක්ෂා කරන මෙම ක්‍රීඩා උළෙල යෞවන කටයුතු සහ නිපුණතා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ගේ උපදේශකත්වය හා නියෝජ්‍ය අමාත්‍ය දුම්න්ද දිසානායක ගේ අධීක්ෂනය යටතේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් ‍පියුම් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාවට නැගෙන්නේය.තරගාවලියේ වයස 20 න් ඉහළ සහ පහළ සූරතාවය සහ අනු සූරතාවය ද,සමස්ත සූරතාවය සහ අනු සූරතාවය ද ඒ ඒ වයස් ඛාණ්ඩ ආශ්‍රිතව දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවද ඇගයීමට ලක් කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

තරගාවලියේ සමාරම්භක උත්සවය 20 දා පෙරවරු 10.00 ට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන අතර සමාප්ත සමාචාර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නේ අමත්‍ය ඩලස් අලහප්පෙරුම ය.  

No comments: