Mar 17, 2012

29 වන වෙළද සේවා ආධුනික බැඩ්මින්ටන් තරගාවලිය ගල්කිස්සේ දී


ඩීඑස්අයි ආයතනයේ AVI  ක්‍රීඩා නිෂ්පාදන තෙවන වරටත් අනුග්‍රහය දක්වන වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන 29 වන වෙළද සේවා ආධුනික බැඩ්මින්ටන් තරගාවලිය මාර්තු මස 21,22,23, 24 සහ 25 යන දින පහ තුළ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවත්වේ.තරගාවලියට ඉකුත් වසරේ සහභාගි වූ තරගකරුවන් සහ තරගකාරියන් 352 ඉක්මවමින් මෙවර 407 ක් සහභාගි වීම කැපී පෙනෙන අතර තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් ප්‍රමාණය ද ඉකුත් වසරේ සහභාගි වූ කණ්ඩායම් ප්‍රමාණය 37 සිට 46 දක්වා ඉහළ නැග තිබීමද කැපී පෙනෙයි.

තරගාවලියේ ජයග්‍රාහකයන් ට වෙන වසර වල දී වගේම විදේශ සංචාරයක් ලබා දීමට තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරන ආයතන වල අනුග්‍රහයෙන් සිදු කිරීමට සැළසුම් යොදා ඇති අතර එම සංදාර වසරක කාලයක් ඇතුළත දී සිදුවනු ඇත.
මෙම තරගාවලිය පිලිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව www.supirikrida.com වෙබ් අඩවියේ සංවිධානත්වයෙන් ගෝල්ෆේස් හෝටලයේ ලෝටස් ඩී ශාලාවේදී පැවති අතර එහිදී ඩීඑස්අයි ආයතනය වෙනුවෙන් එහි දත්ත සැළසුම් කළමණාකරු සාලිය අමරතුංග විසින් වෙළදසේවා බැඩ්මින්ටන් සංගමයේ සභාපති නිරෝද ද කොස්තා වෙත භාරදුන් අවස්ථාව ප්‍රධාන ඡායාරූපයේ දැක්වේ.පිළිවෙළින් වමේ සිට ඩීඑස්අයි ආයතනයේ වෙළද ලාංඡන විධායක දේවින්ද කුලතුංග,එම ආයතනයේ දත්ත සැළසුම් කළමණාකරු සාලිය අමරතුංග,වෙළද සේවා බැඩ්ම්න්ටන් සංගමයේ සභාපති නිරෝධ ද කොස්තා,තරගාවලියේ තරග ලේකම් සහ වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති රොසාන් ප්‍රනාන්දු,එම සංගමයේ ලේකම් රොහාන් සන්තානම් සහ එහි භාන්ඩාගාරික රහ්මික අබේසුන්දර ඡායාරූපයේ දැක්වෙන අතර පහත ඡායාරූපයේ මාධ්‍ය හමුවට සහභාගි වී සිටි මාධ්‍යවේදීන් පිරිසක් දැක්වේ. 
ඡායාරූප - එස් සුන්දර්රාජ් 

No comments: