Mar 12, 2012

ජගත් ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියේ ජයග්‍රහණය ඇමෙරිකාවට

         වේගවත්ම ක්‍රීඩිකාව වෙරෝනිකා තරගය නිම කරමින් පස්වැනි මං තීරුවේ 41 හැවිරිදි චන්ද්‍රා



තූර්කියේ ඉස්තාන්බුල් හී තෙදිනක් පුරා ක්‍රියාත්මක වූ ජගත් ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගත් ඇමෙරිකාව රන් පදක්කම් 10,රිදී 3 සහ ලෝකඩ 5 ක් දිනා ගන්නට සමත් විය.මහා බ්‍රිතාන්‍ය,ඉතියෝපියාව සහ කෙන්යාව රන් පදක්කම් 2 බැගින් දිනා පදක්කම් සටහනේ ඇමෙරිකාවට පසුව වැඩිම රන් පදක්කම් දිනූ රටවල් ලෙස සම තැනෙහි උන්න ද,රිදී සහ ලෝකඩ පදක්කම් ප්‍රමාණයන් සළකා බලද්දී දෙවන ස්ථානය බ්‍රිතාන්‍යට හිමි විය.තෙවන ස්ථානය හිමි වූයේ ඉතියෝපියාවට ය.
රුසියාවේ එකම රන් පදක්කම සුපිරි ක්‍රීඩිකා යෙලීනා ඉසිනබයේවා ගේ සුපිරි රිටි පිම්මට හිමි වූ අතර ඇය මීටර් 4.80 ක උසක් තරණය කරමින් රුසියාව රන් පදක්කම් සටහනට ඇතුළත් කළායජගත් දුර දිවීම් කේෂ්ත්‍රයේ අධිපති ධාරාවේ ප්‍රබල සටන්කාමියෙකු වන ඉතියෝපියාව ජගත් ගෘහස්ථ මලල ක්‍රීඩා කේෂ්ත්‍රයේ ලද පළමු මැදි දුර දිවීම් ජය වාර්තා කළ මොහොමඩ් අමාම් මීටර් 800 ඉසව්වේ ජයග්‍රහණය (1:48.36) ලැබීය.
චීනයේ රන් පැතුම වූ ලියූ ෂීයෑන්ග් ට මීටර් 60 කඩුලු මතින් දිවීම ඉසව්වේ දී  ඇරිස් මෙරිට් (7.44) ඉදිරියේ දෙවන වන්නට සිදු වූ අතර ඒ නිසා තරගාවලිය තුළ චීනයට එකදු රන් පදක්කමක්වත් දිනා ගැනීමට ඉඩ නොලැබුණු අතර දිනූ එකම රිදී පදක්කම ලියූ ෂියෑන්ග්ට (7.49) හිමි විය. වේගවත්ම ගෘහස්ථ ක්‍රීඩිකාව ලෙස මේ වසරේ මීටර් 60 වෙනුවෙන් වාර්තා වූ හොදම කාලය වාර්තා කරමින් තරගය ජයගත් වෙරෝනිකා කැම්බල් (7.01) එහි රන් පදක්කමේ ගෞරවය ජැමෙයිකාවට දිනා දුන්නාය.මෙහිදී කැපි පෙනෙන සිදුවීම වූයේ තවමත් ජගත් කෙටිදුර දිවීම් ධාවන පථයේ ජය කෙහෙලි නංවන බහමාස් හී චන්ද්‍රා සොරප්   41 වියැති වුව ද තාරුණ්‍යයට අභියෝගයක් වෙමින් මීටර් 60 අවසාන තරගයට සුදුසුකම් ලබා ගනිමින් තත්පර 7.19 ක කාලයක් වාර්තා කර එම ඉසව්වේ පස්වන ස්ථානයට පත් වීමය.
තරගාවලියේ සමස්ත ප්‍රතිපල සටහන http://www.iaaf.org/mini/wic12/Results/ResultsByDate.aspx නම් මෙම සබදතාවය තෙරපීමෙන්ද පදක්කම් සටහන http://www.iaaf.org/mini/wic12/Results/MedalTable.aspx සබදතාවය තෙරපීමෙන්ද ලබා ගැනීමට හැකිය.

No comments: