
පිලිතුරු ඉණිමට පිවිසි ඉන්දියාවේ පිතිකරුවන් එක් අන්තයකින් දැවි යද්දී සිය අන්තය සුරකමින් පීඩනයක් ගොඩ නැගෙන්නට නොදුන් ගෞතම් ගාම්බීර් පන්දු 111 කින් ලකුණු 92 ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය ඉන්දියාව දෙසට හැරවීමට මුල් වෙමින් තරගයේ වීරයා විය.ඔහු විසින් ගොඩ නැගූ සාර්ථක අඩිතාලම බිද වැටෙන්නට නොදුන් නායක මහේන්ද්‍ර සිං දෝනි තරගයේ අවසාන භාගය සිය පාලනයට යටත් කර ගත් අතර ඔහු නොදැවී ලකුණු 44 ක් රැස් කරන්නට සමත් විය.
ක්ලින්ට් මැකී ලකුණු 53 ට කඩුලු 3 ක් දවාලමින් ඉන්දීය ජය ප්‍රමාද කළ ද තරගයේ අවසාන ඕවරය යැවීමට භාර වූ ඔහු ට සිය පන්දු ඕවරය නිමා කරන්නට තව පන්දු 2 ක් ඉතිරිව තිබිය දී ජයග්‍රහී ඉන්දීය ලකුණ වාර්තා වූ අතර ලකුණු පූවරුව කඩුලු 6 ට ලකුණු 270 ක් බවට පත්විය.
තරගයේ නිල ලකුණු පූවරුවට පහත සදහන් සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518959.html
www.supirikrida.com
No comments:
Post a Comment