Feb 16, 2012

සනත් බණ්ඩාරගේ ගිනස් වාර්තාව පිළිගනියි


ඩුම වේලාවකින් වැඩිම ටී ෂර්ට් ප්‍රමාණයක් ඇද නාවික හමුදා සෙබළෙකු වන සනත් බණ්ඩර විසින් පිහිටුවන්නට යෙදුණු ගිනස් වාර්තාව ජාත්‍යන්තර ගිනස් ආයතනය විසින් පිළිගෙන ඇත.ඒ සදහා පිරිනමන ගිනස් සහතිකය ද මේ වන විට සනත් ට හිමි වී ඇති අතර ඒ පිළිබදව ජනමාධ්‍යය දැනුවත් කිරීමේ අවස්ථාවක් ක්‍රීඩා වෛද්‍යායතනයේදී පැවත්වේ.
මීට පෙර ක්‍රීඩා වෛද්‍ය ආයතනය මැදිහත් වන බවක් පෙන්වමින් ගිනස් වාර්තා තබන්නට උනන්දු වූ විශාල පිරිසකගේ විශාල ධනයක් අපතේ යවමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරු නොමග යවමින් කූට ව්‍යාපාරයක් ගෙන ගිය අතර නව අමාත්‍යවරයා විසින් එම පරිපාලන ක්‍රමවේදය වෙනස් කිරීමෙන් පසුව උත්සාහ කළ පළමු වාර්තාවම මෙසේ පල දැරීම පැවති බොරුවේ ප්‍රමාණය පැහැදිළි කිරීමකි.වාර්තාව පිහිට වූ සනත් ජාත්‍යන්තර ගිනස් ආයතනයේ අවශ්‍යය ලියාපදිංචියෙන් අනතුරුව එහි උපදෙස් වලට අනුව විනිසුරුවන් තෝරා ගනිමින් මේ කටයුත්තට පිවිසුණා.
ඒ අනුව ජනමාධ්‍යයකට සම්බන්ධ කතුවරයෙක්ට ලැබෙන අවස්ථාව www.supirikrida.com හී සංස්කාරක නිශ්මං රණසිංහ ට ලැබුණ අතර මෙහි අධීක්ෂණ නිලධාරියා වශයෙන් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානි මහාචාර්ය අර්ජුන ද සිල්වා සහභාගි විය.කාලඝනක නිලධාරීන් ලෙස ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ප්‍රමිතීන්ට අනුව සුදුසුකමු ලත් සේන සිරිමාන්න සහ උපාලි පෙරේරා කටයුතු කළේය.සේන සිරිමාන්න සුදුසුකම් ලත් ප්‍රධාන විනිසුරුවෙකු ලෙස ාමහිදී ප්‍රධාන කාලඝනක නිලධාරී ලෙස කටයුතු කළ අතර උපාලි පෙරේරා සහය කාලඝනක නිලධාරි ලෙස මෙයට සහභාගි විය.
සනත් බණ්ඩාරගේ මෙම උත්සාහයට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අනුග්‍රාහකත්වයෙන් දායකත්වය දැක්වීය.

No comments: