Feb 15, 2012

ශ්‍රී ලංකාව ප්‍රථම වරට ලකුණු සම තරගයක


රින්වර ජයග්‍රහණය දෙපසට දෝලනය වෙමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ඉන්දියා එක්දින තරගයේ ජයග්‍රහණය තරගයේ අවසාන භාගයේ දී ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දක්ෂතාවය නිසා ශ්‍රී ලංකාව පැත්තට නම්මා ගන්නට සමත් වුව ද අවසාන පන්දුවේදී ලකුණු 4 ක ඉලක්කයට ලකුණු 3 කින් පමණක් සමීප වීමට ඒ වන පිටියේ නොදැවී සිටි මහේන්ද්‍ර සිං දෝනිට හැකි වීම නිසා තරගය සම ලකුණු තරගයක් ලෙස නිමාවට පත්විය.ශ්‍රී ලංකා - ඉන්දීය තරග ඉතිහාසයේ මෙසේ ලකුණු සම වූ ප්‍රථම තරගය ලෙස ද ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තරගයක ලකුණු සම වූ ප්‍රථම අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක් වූ මෙම තරගයේ අවසාන පන්දුව තෙක් සටන් කොට ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය උදුරාගත් දෝනි, නොදැවී ලබාගත් සටන්කාමී ලකුණු 58 නිසා ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමිවිය.
තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ද,තරගයේ දෙවන පන්දුවේදී ම ලකුණු ලබා ගැනීමට පෙර උපුල් තරංග කඩුල්ලෙන් ඉවත් කිරීමට තරගාවලිය පුරාම කඩුලු අතර සිටින විනේ කුමාර් සමත් විය.ලකුණු 28 ඩිල්ෂාන් ගේ (ලකුණු 16) දැවී යාමත් සමග මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු අතර සිටින ප්‍රධානම පිතිකරුවා බවට පත් වී සිටින දිනේෂ් චන්දිමාල් මේ තරගයේදී ද ලකුණු 81 ක් ලබා ගනිමින් කැපී පෙණුන පිතිකරුවා බවට පත්විය.
මේ කාලයේ ලකුණු සොයන්නෙකු බවට පත් වී සිටින මහේල,චන්දිමාල් සමග සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 94 සබදතාවයක් පවත්වමින් ලකුණු 43 ක් ලබා ගැනීම මේ තරගයේ ඉදිරි තරග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට බලාපොරොත්තු ඇති කරන තත්ත්වයක් විය.එසේම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ තමාගේ ස්ථානය තහවුරු කළ යුතු බවට සංඥාවක් නිකුත් කළ සචිත්‍ර ඇලෙක්සැන්ඩර් පන්දු 14 ක් තුළ නොදැවී ලකුණු 22 ක් රැස් කළේ බිද වැටෙන පසු පෙළට ශක්තිය මුසු කරමින් ය.මේ තරගයේදී ත් ඉන්දියාව වෙනුවෙන් සාර්තකම පන්දු යවන්නා වූ විනේ කුමාර් ලකුණු 46 ට කඩුලු 03 ක් ලබා ගනිමින් කැපී පෙණින.
පිළිතුරු ඉණිම සදහා පිවිසි ඉන්දීය පිතිකරුවන් පිළිබදව මනා අධ්‍යයනයකින් සිටි බවක් පෙන් වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉන්දීය පිතිකරුවන්ට පීඩනයක් එල්ල කළ ද,මීට ඉහත තරගයේ දී ඕස්ාට්‍ර්ලියාවට එරෙහිව ඉන්දියාව ජය මාවතට කැද වූ ගෞතම් ගාම්භීර් යළිත් ක්‍රියාත්මක විය.ඔහු ලකුණු 91 ලබමින් නායක මහේන්ද්‍ර සිං දෝනි සමග එක්ව පස්වන කඩුල්ල සදහා ලකුණු 60 ක සබදතාවයක් පවත්වමින් ඉන්දියාව වෙත එල්ල වෙමින් තිබූ පීඩනයෙන් ගැලවෙන්නට සමත් විය.
නමුත් තරගයේ අවසාන භාගය වන විට මහේල ජයවර්ධනගේ පන්දු රැකීමේ සැළසුම් මෙන්ම නුවන් කුලසේකර සහ රංගන හේරත් ලකුණු ලබා ගැනීමේ හැකියාව ආවරණය කරමින් පන්දු යැවූ ආකාරයද නිසා යළිත් පීඩනය ඉන්දියාව දෙසට හැරිණ.තරගය පුරා ඉන්දියාව වෙතින් දුවද්දී දැවී යාම් හතරක් වාර්තා වූ අතර නමුත් තරගයේ අවසාන පන්දුවට පෙර විනේ කුමාර් දුවද්දී දැවී යාම ඉන්දියාවට වාසිදායක දැවී යාමක් විය.එම දැවී යාමත් සමග පන්දුවට පහරදීමේ වාරය තමන් වෙත පවරා ගත් දෝනි අවසාන පන්දුවට ලබාගත යුතු ලකුණු හතර ලබා ගන්නට ගත් සාර්ථක උත්සාහය සචිත්‍ර සේනානනායක ගේ පන්දු රැකීමෙන් ලකුණු 3 ක් බවට පත් වූයේ එක්දින තරග ඉතිහාසයට තවත් ලකුණු සම වූ දුලබ තරගයක් එකතු කරමින්ය.
පන්දු යැවීමේ දී ලසිත් මාලිංග ලකුණු 53 ට කඩුලු 2 ක් ද තිසර පෙරේරා ලකුණු 45 ට කඩුලු 2 ද දවා ගත් අතර සිය පන්දු ඕවර් 10 තුළ පිළිවෙළින් ලකුණු 39 ට කඩුලු 1ක් සහ කඩුලු නොලැබුව ද ලකුණු 33 ක් ද ලබා දෙමින් නුවන් කුලසේකර සහ රංගන හේරත් ද ඉන්දීය පිතිකරුවන් වෙත තම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කර ගැනීම සදහා අපූරු සහයක් ලබා දුන්නා.
පහත දැක්වෙන්නේ තරගයේ සමස්ත ලකුණු සටහනයි. http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518960.html



No comments: