Feb 14, 2012

පාසල් මලල ක්‍රීඩා සංගමයේ මුල් පුටුව උපාලිට

පාසල් මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය ඊයේ පැවති අතර එම සංගමයේ නව සභාපතිවරයා ලෙස උපාලි අමරතුංග තේරීපත් විය.වර්ථමානයේ පාසල් ක්‍රීඩා සභාවේ ලේකම්වරයා ද වන උපාලි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ධූරය හොබවන්නේය.ලේකම් ධුරයට ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස ප්‍රකට සුසන්ත ප්‍රනාන්දු තේරී පත් වූ අතර වර්ථමානයේ සිටින තවත් ප්‍රකට පාසල් පුහුණුකරුවෙකු වන ජයලාල් රත්නසූරිය එහි භාණ්ඩාගාරික වරයා ලෙස තේරී පත්විය.
වර්ථමානයේ පාසල් මලල ක්‍රීඩා පිටියේ පුහුණුකරුවන් ලෙස කැපී පෙනෙන පිරිසක් නිලතල වලට තේරී පත්වීම මෙහිදී කැපී පෙණින.ඒ අතරින් සංගමයේ නව සටහන්කරුවන් ලෙස ලක්ෂ්මන් හපුආරච්චි සහ උපාලි විජේසිංහ පත් වූ අතර හිටපු ජාතික ඇවිදීමේ සූරයෙකු වන බීඑම්එන් නයනානන්ද උප ලේකම් තනතුරකට තෝරා ගැණිනි.තරග ලේකම් ලෙස සුසන්ත කුලරත්න තේරී පත්විය.
පුහුණු අධ්‍යක්ෂ ලෙස සිසිල්ටන් හෙට්ටිආරච්චි සහ පුහුණු ලේකම් ලෙස ඩබ්ඩී නන්දාවතීත්  තේරී පත්විය.

No comments: