Feb 16, 2012

එංගලන්තය ටෙස්ට් වාඩුව එක්දින තරගවලින් ගන්නා ලකුණු



කිස්තානය සමග පැවති ටෙස්ට් තරගාවලිය තරග 3 – 0 ක් ලෙස පරාජය වූ එංගලන්තය පකිස්තානය සමග පැවත්වෙන එක්දින තරගාවලියේ මේ වන විට පැවති තරග දෙකම ජයගෙන තරග 2 – 0  ලෙස ඉදිරියට පැමිණ ඇත.එක්දින කණ්ඩායමේ නායකත්වයව පැවරීමට එංගලන්ත ක්‍රිකට් පරිපාලනය ගත් තීරණයට සාධාරණය ඉටු කරමින් සිටින ඇලිස්ටෙයාර් කුක් මේ තරග දෙකේම ජයග්‍රහණයේ අඩිතාලම වූ අතර දෙවන තරගයේදී එංගලන්ත ඉණිමේ ලකුණු 250 න් 102 ක් ම වාර්තා වූයේ කුක් ගේ පිත්තෙනි.
සාජි ක්‍රීඩාංගණයේ දග කැවෙන තණතිල්ලෙන් ප්‍රයෝජනයට ගැනීමට පකිස්තානය දග පන්දු යවන්නන් සිව් දෙනෙකු (මොහොමඩ් හෆීස්,අබ්දූර් රෙහෙමාන්,සහීඩ් අජ්මාල් සහ සහීඩ් අෆ්රිඩී ) ඇතුළත් කළ ද කුක් එක් අන්තයක සිට සිය පිතිකරු සගයන්ට ශක්තියක්් වෙමින් කරන ලද පිති හරඹය නිසා එංගලන්තයට ලකුණු 250 සීමාව සදහා යාම එතරම් අසීරු වූයේ නැත.රෙහෙමාන් (3.60) සහ අෆ්රීඩී (3.80 ) හැරෙන්නට අන් සියළුම පන්දු යවන්නන්ගේ පන්දු ඕවරයක ලකුණු සාමාන්‍යය ලකුණු 5 ට ඉහළින් රැදවීමට එංගලන්ත ක්‍රීඩකයන්ට හැකි වූ අතර එවුන්ට පන්දු ඕවර 50 තුළ ගකුණු 250 කරා යාමේදී අහිමි වූයේ කඩුලු 4 ක් පමණි.
පිළිතුරු ඉණිමට පිවිසි පකිස්තානයට දග කැවෙන සාජි තණතීරුවේ එංගලන්ත වේගය දරා ගැනීමේ දුෂ්කරතාවයක් පැන නැගි අතර ඒ අතරින් පෙරමුණ ගත් ස්ටීවන් ෆින් පකිස්තාන කඩුලු 4  ට ලකුණු 34 ක් තුළ වගකීම පකිස්තානයට දරා ගත නොහැකි පාඩුවක් විය.පකිස්තාන පිතිකරුවන් කිසිවෙකුටවත් අර්ධ ශතකයකට යාමට අවස්ථාවක් නොදුන් එංගලන්ත පන්දු යවන්නන් ඉදිරියේ වඩාත්ම සාර්ථක වූ ඉම්රාන් ෆර්හාට් සහ නායක මිස්බා උල්හක් ලකුණු 47 බැගින් ලබා ගත්තේය.තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත දැක්වේ.
http://www.espncricinfo.com/pakistan-v-england-2012/engine/match/531632.html
www.supirikrida.com

No comments: