Feb 14, 2012

නිලූක ගෙන් යළිත් දස්කම්


චීන මැකාවෝ හී පැවත්වෙන තෝමස් සහ ඌබර් කුසලාන ආසියානු කළාපීය බැඩ්මින්ටන් තරගාවලියේදී කලක් ලොව අංක හතරට ශ්‍රේණිගතව සිටින වර්ථමානයේ අංක 20 රැදී සිටින තායිලන්තයේ බූන්සැක් පොන්සානා ට විශිෂ්ඨ තරගයක් ලබා දෙන්නට නිලූක කරුණාරත්න සමත් වුණා.තරගයේ ප්‍රථම වටය ලකුණු 21 - 18 ක් ලෙස බුන්සැක් විසින් ජය ගත්තද,තරගයේ දෙවන වටය ලකුණු 21 - 8 ක් ලෙස ජය ගන්නට නිලූකට හැකි වුණා.තරගයේ අවසාන වටය ලකුණු 22 -20 ක් ලෙස ජය ගනිමින් සිය ජාත්‍යන්තර පිළිගැනීම රැක ගන්නට බුන්සැක් සමත් වුව ද ඒ සදහා ඔහුගේ වටිනා කාලයෙන් විනාඩි 55 ක් ඉහිරී ගොස් තිබුණු අතර නිලූක මෑත කාලයේ ලබා ගන්නා ජයග්‍රහණ පිළිබදව එම පරිපාලනයට සම්බන්ධ ඇතැම් නිලධාරීන්ම මාධ්‍ය මගින් පතුරුවා හරින්නට උත්සාහ කරන අශෝබන ප්‍රචාරයන්ට මෙය කදිම පිළිතුරක් වූවා.
ඊයේ පැවති තරග අතරින් ඒ ආකාරයට තරග වටයක් හෝ ජය ගැනීමේ හැකියාව ලැබුණේ නිලූකට පමණක් වන අතර සියළු තරග පරාජය වූ නිලූක ඇතුළු ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තෝමස් කුසලාන ප්‍රථම තරගය නිමා කළේ තායිලන්තයට එරෙහිව තරග 5 - 0 ක පරාජයක් ලබමින්.ඌබර් කුසලාන තරගාවලිය නියෝජනය කරන කාන්තා කණ්ඩායමට ද එම ඉරණමටම මුහුණ දෙන්නට සිදු වුණු අතර ඔවුන් ඉන්දුනීසියාව හමුවේ තරග වට 5 - 0 ක් ලෙස පරාජය වුණා.
www.supirirkrida.com

No comments: