Feb 15, 2012

බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ගේ ප්‍රථම ගොදුරත් කසකස්තානය වෙයි

                     ආර්එස් දහනායක,හසිත චානක සහ ලසිත මේනක
මෙවර තෝමස් කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම ඌබර් කුසලාන තරගාවලියේදී ශ්‍රී  ලංකා ක්‍රීඩිකාවන්ගේ ගොදුර බවට පත් වූ කසකස්තානයම සිය ප්‍රථම ජයග්‍රහණය ලබා ගැනීම සදහා දඩයම් කරන්නට යෙදුණා.එහි ප්‍රථම තරගය ශ්‍රී ලංකා ජාතික සූරයා වන නිලූක කරුණාරත්න ඉතා පහසුවෙන් ජයගත් අතර විනාඩි 18 ක් තුළ නිලූක එම තරගය ලකුණු 21/13 සහ 21 / 21/ 6 ක් ලෙස පහසුවෙන් ජයගත්තේ ආතර් නියාසොව්ට පරාජය හිමිකර දෙමින්ය.
ඒ ජයග්‍රහණයේ ශක්තියත් සමග පන්නරය ලද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග පහම සියතට ගත් අතර කේවල තරග සදහා ඉදිරිපත් වූ ලසිත මේනක 21/19 සහ 21 / 17 ලෙස යෙරසක්නොව් සමත් පරාජය කළ අතර ආර් එස් දහනායක විනාඩි 18 ක කාලයක් තුළ ක්ලායම් ඇනටන් පරාජය කළේ 21/13 සහ 21 /11 ලෙසය.යුගල තරග වඩා පහසුවෙන් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් ආර්එස් දහනායක සහ හසිත චානක විනාඩි 18 ක් තුළආතර් නියාසොව් අස්කාර් ඔර්මානොව් පරාජයට පත් කළේ ලකුණු 21/15 ක් සහ 21 / 5 ක් ලෙසය.යෙරසන්නොව් සමත් සහ ක්ලායම් ඇන්ටන් පරාජය කිරීමට ලසිත මේනක ට සහ සංකල්ප ගුණවර්ධනට ගත වූයේ විනාඩි 17 ක් පමණි.ලකුනු තත්ත්වය 21/10 සහ 21 / 14 ක් විය.
මේ අතර ඌබර් කුසලාන තරගාවලියේ මුල් තරග 3 තුළදීම ජය තහවුරු කර ගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ යුගල තරග දෙක ද පහසුවෙන් ජයගත් අතර එහිදී චන්ද්‍රිකා ද සිල්වා සහ නදීශා ගයත්‍රි විසින් වෙරෝනිකා සොරොකීනා සහ කරීනා සුලෙයේවා විනාඩි 24 ක කාලයක් තුළ පරාජයට පත් කළේ ලකුණු 21/18 සහ 21 /13 ක් ලෙසය.ලාබාල තිළිණි හෙන්දහේවා සහ කවින්දි ඉෂන්දිකාට සිය ප්‍රතිවාදීන්  වූ ඉලියානා පිලිප්දක් සහ එලාසවේට‍යෙකොව්ලේවා පරාජය කිරීමට විනාඩි 25 ක් ගත වූ අතර තිළිණි හා ඉසන්දිකා දෙවන වටයේදි දැඩි අභියෝගයකට ලක් කිරීමට කසකස්තාන ක්‍රීඩිකාවන් සමත් වුව ද අවසානයේ තරගය ලකුණු 21/10 සහ 22/20 ලෙස තරගය ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
www.supirikrida.com

No comments: