|
මිලාන් මධුෂ්ක දිසානායක |
කොළඔ සුගතදාස ක්‍රීඩාංගණයේ අද (13) ඇරඹි 2012 යුධ හමුදා මලල ක්‍රීඩා සූරතාවලියේ පළමු දිනයේම තරග වාර්තා පොත පස් වරක් වෙනස් කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව සතුව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.පළමු දිනය නිමාවන විට විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සෙසු රෙජිමේන්තු අභිබවා පෙරමුණේ සිටින අතර තරගාවලියේ ප්‍රතිපල ජාතික සූරතාවලිය ආශ්‍රිතව ජාතික සංචිතය තේරීම සදහා ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණ වලට යම් අභියෝගයක් එල්ල විය හැකි තත්ත්වයක් දකින්නට ලැබිණ.
|
චරිත් කපුකොටුව |
ජාතික සූරතාවලියේදී තරග වලට සහභාගි වීමෙන් වැළකී සිටි හෝ තරග වැදීමෙන් වැළකී සිටි ඇතැම් යුධ හමුදා ක්‍රීඩකයන් ආශ්චර්යයකින්මෙන් දින දෙකක් තුළ සුවපත් වී සිය රෙජිමේන්තුව වෙනුවෙන් තරග වැදීම ඒ වෙනුවෙන් ජාතික සූරතාවලියේ සහභාගීත්වය අතපසු කළේදැයි සැක සිතෙන සුළුය.එය එසේනම් හමුදා සෑම හමුදා රෙජිමේන්තුවකටම ආවේනික ජාතිය රැක ගැනීමේ මූලික අවශ්යයතාවය දෙවැනි කොට රෙජිමේන්තු අවශ්යයතාවය පෙරමුණට ගැනීම කණගාටුදායක තත්ත්වයකි.
|
සචිත් මධුරංග |
නමුත් ඒ පිළිබදව පශ්චාත් පරීක්ෂණයක් කිරීමට නොහැකිය.එය මේ මොහොතට අදාළ දෙයක් නොව හිටපු පරිපාලනයට ද අදාළය.හමුදා බලය ඇතිව ක්‍රියාත්මක මලල ක්‍රීඩා පරිපාලනයේ විවිධ පාර්ශව අතර කෙරෙන සීතල යුද්ධයේ ප්‍රතිපලය ජාතික තරගාවලියේ අලංකරණය දෙවැනි කොට ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව රෙජිමේන්තු අවශ්යයතාවය වෙනුවෙන් කොටු කරන බවට සැකයක් ඇති වීම අසාධාරණ නැත.හ් නිසා මෙය බලය සතු නිලධාරි ආකල්ප වල වෙනසක් හෝ ඉන් ඉහළින් කුමන හෝ ජාතික සූරතාවලියකට සහභාගි නොවීම වෛද්‍ය හේතු මත සිදුවන්නක් නම් ඉන් පසුව නිශ්චිත කාලයක් ඇතුළත තරගකාරී මට්ටමෙන් ඔහුට හෝ ඇයට තරග වැදීම කළ නොහැකි බවට නීතිමය තත්ත්වයක් නිර්මාණය කළ යුතුය.ඔහු හෝ ඇය ඉතා දක්ෂ ක්‍රීඩකයෙකු නම් එම නිශ්චිත කාලයට පසුව ඔහුගේ හෝ ඇයගේ ශාරිරික යෝග්‍යතාවය පරික්ෂා කර සංචිතයට ඇතුළත් කිරීමට පියවර ගැනීම වැදගත්ය.එයින් රෙජිමේන්තුවකට ක්‍රීඩකයා සිය ආයතනික අවශ්යයතාවය අනුව මෙහෙයවීමට අවශ්‍යය වන්නේ නම් එය වැළකී යනු ඇත.
පළමු දිනයේ නව වාර්තා තැබූ ක්‍රීඩකයන් අතර කණිෂෟඨ උස පනින්නන් අතර ලොව හත් වන ස්ථානය දිනා සිටින මිලාන් මධුෂ්ක දිසානායක ද වන්නේය.ඔහු මීටර් 2.15 ක උසක් තරණය කළේය.ජාතික සූරතාවලියේදී පිරිමි අංශයේ වීසි කිරීමේ සූරයා වූ වරුණ ලක්ෂාන් දයාරත්න දෙවන තැනට පත් කළ ජාතික වාර්තාලාභියා වන සචිත් මධුරංග මීටර් 73.79 ක දක්ෂතාවයක් දක්වමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
ඇමෙරිකාවේ අධයාපනය ලබන සහ එහි වැඩිදුර පුහුණුව ලබන චරිත් කපුකොටුව සිය රෙජිමේන්තු අවශ්යයතාවය වෙනුවෙන්ම 12 දා ලංකාවට පැමිණි අතර ඔහු සිය ගමන් වෙහෙසද දරා ගෙන තමන් ජාතික වාර්තාව දරණ යගුලිය වීසි කිරීමේ ඉසව්වේදී මීටර් 15.80 ක දක්ෂතාවයක් දක්වමින් නව තරග වාර්තාවක් තැබීමට සමත් විය.4 SLAWC කාන්තා මීටර් 4 X 100 කණ්ඩායම සෙසු රෙජිමේන්තු අභිබවමින් මීටර් 4 X 100 ඉසව්ව නිමා කළ කාලය වන තත්පර 50.64 ද නව තරග වාර්තාවක් ලෙස සදහන් විය.සෙසු වාර්තාවට හිමිකම් කීවේ ගීතානි රාජසේකර ය.ජාතික සූරතාවලියේදී ද මීටර් 5000 ඉසව්ව ජය ගත් ගීතානි රාජසේකර ඒ තරගාවලියේ වාර්තා කළ කාලය ට (විනාඩි 16:43.09) වඩා දුර්වල කාලයක් වාර්තා කළ ද,(විනාඩි 17:03.00) නව තරග වාර්තාවක් සමගින් එම ඉසව්ව ජය ගන්නට සමත් වූවාය.
https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=f1a5f47587&view=att&th=13af9d34578a0139&attid=0.1&disp=vah&realattid=f_h9h0s37k0&zw&authuser=0&sadnir=1&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1352813054964&sads=lbwx9WHWzrOrqAs13zmnhyDXAk4
ඉහත සබදතාවය භාවිතා කරමින් තරගාවලියේ පළමු දිනයේ තරග ප්‍රතිපල වෙත පිවිසීමට හැකිය.
www.supirikrida.com
No comments:
Post a Comment