ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් හොද නැති වාර්තාවක් තබමින් එක දිගටම තෙවන වරටත් ඩක්වර්ත් ල්රවිස් න්‍යාය මත තීරණය වූ තරගයකින් ශ්‍රී ලංකාව නවසීලන්තය පරදා කඩුලු 7 ක ජයක් ලබා ගත්තේය.වර්ෂාව නිසා පන්දු ඕවර් 31 ට සීමා වූ තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 8 ක් දැවී ලකුණු 131 ක් ලබා ගත්තේය.පන්දු යැවීමේදී නවසිලන්ත පිත්කරුවන් ජීවන් මෙන්ඩිස් ගේ දග පන්දුව ඉදිරියේ යලිත් අසරණ වූ අතර තරගයේ වීරයා බවට පත් වූ ජීවන් කඩුලු තුනක් ලබා ගත්තේ ලකුණු 15 ක් පමණක් ලබා දෙමින්ය.නුවන් කුලසේකර ද මනා පාලනයකින් යුතුව පන්දු යවමින් නවසීල්නත ඉණිම ආරම්භයේදී සිටිම යම් කිසි පාලනයකට යටත් කර ගත් අතර නුවන් ලකුණු 17 ට කඩුලු 2 ක් දවා ගත්තේය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පීඩනය හමුවේ ප්‍රති පීඩනයක් මුදා හැරීමට අසාර්ථක උත්සාහයක නියැලි බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 44 ක් තුළ ලකුණු 30 ක් ලබා ගනිමින් තරගය නවසීලන්තයට වාසිදායක තත්ත්වයකට පත් කර ගැනීමට ගත් උත්සාහය වෙනුවෙන් යම් තරමක හෝ දායකත්වයක් දැක් වූවේ කේන් විලියම්සන් (21) සහ ජෙම්ස් ෆ්රෑන්ක්ලීන් (21 ) පමණි.
පිලිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්තයට එරෙහිව පන්දු ඕවර 32 ක් තුළ ලකුණු 131 ලබා ගැනීමට අවශ්‍යය විය.ඩක්වර්ත් ලුවිස් නයාය යටතේ එම අභියෝගයට පිවිසීම සදහා ඉණිම ඇරඹීමේ වගකීම දැරීමට ඩිල්ෂාන් කණ්ඩායමේ නොසිටි අතර ඒ අනුව කලෙකට පසුව කණ්ඩායමට පැමිණි දිනේෂ් චන්දිමාල් ඉණිම ඇරඹිය.උපුල් තරංග සමග ලකුණු 36 දක්වා ඉණිම ඔසවා තැබෙද්දී චන්දිමාල් සහ උපුල් තරංග අතර සබදතාවය බිදී ගියේ තරංග ලකුණු 27 ට පිටියෙන් ඉවත්වීමේ හේතුවෙන්ය.අනතුරුව චන්දිමාල් සහ දුමාර සංගක්කාර පිටියේ එක් වූ අතර,දෙදෙනා විසින් අගනා සබදතාවයක් එකතු කරමින් දෙවන විකට්ටුව දැවී යන විට ලකුණු පූවරුව 123 දක්වා නංවා තිබිණ.ලකුණු 87 ක සබදතාවයක් නිමා කරමින් ලකුණු 43 ක් ලබා දිනේෂ් චන්දිමාල් පිටියෙන් ඉවතට ගිය අතර අනතුරුව ලහිරු තිරිමාන්න ද ලකුණු නොලබාම පිටියෙන් ඉවත් විය.සංගක්කාර නොදැවී ලකුණු 42 ක් ලබා සිටි අතර ශ්‍රී ලංකා ඉණිම 27 වන පන්දු ඕවරයේ දෙවන පන්දුවේදී ජයග්‍රාහී ලකුණ කරා සම්ප්‍රාප්ත විය.
http://www.espncricinfo.com/sri-lanka-v-new-zealand-2012/engine/match/582190.html සබදතාවය ඔස්සේ තරගයේ සමස්ත ලකුණ පූවරුවට පිවිසීමට අවස්ථාව ඇත.
www.supirikrida.com

No comments:
Post a Comment