ශ්‍රී ලංකාවේ පිබිදෙමින් පවතින ක්‍රීඩාවක් වන බේස්බෝල් ක්‍රීඩාවේ දකුණු ආසියාවේ ප්‍රමුඛයා වීමට එරෙහිව ඇති ප්රබලතම අභියෝගය වන පකිස්තානය පැරදවීම යළිත් වරක් අහිමි වෙමින් පකිස්තානයේ ලාහෝර් නුවර ක්‍රියාත්මක වූ පන්ජාබ් ජාත්‍යන්තර බේස්බෝල් තරගාවලියේ අවසාන තරගයේදී පකිස්තානය ඉදිරියේ ලකුණු 10 - 2 ක පරාජයකින් සෑහෙන්නට ශ්‍රී ලංකාවට සිදු විය.කණ්ඩායම් හතරක සහභාගීත්වය ඇතිව පැවති මෙම තරග සංචාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 17 ක් සහ නිලධාරීන් හයක් සහභාගී වූ අතර එහිදී ක්‍රීඩක අවශ්‍යයතාවයක් වන භෞත චිකිත්සකයෙකු හෝ සම්බාහකයෙකු හෝ රැගෙන යන්නට කල්පනා නොකිරීම අවාසනාවන්ත තත්ත්වයකි.
ඉදිරි මස දියගම දී විවෘත වන්නට නියමිත ජාත්‍යන්තර බේස්බෝල් පිටියේද සහය ඇතිව ක්‍රීඩාව පෙරට ගෙන යන්නට නම් තරග සංචාර සදහා ඇතුළත් වන නිලධාරී ව්‍යහුය ජාත්‍යන්තර මුහුණුවරකින් වෙනස් විය යුතු අතර භෞත චිකිත්සකයන් පරිගණක දත්ත මෙහෙයුම් නිලධාරීන් වැනි චරිත පිලීබදව අලුතෙන් සිතන්නට නොයන්නේ නම් ක්‍රීඩක දහදියෙන් යැපෙන සුදු අලියෙකු ලෙස ලංකාවේ බේස්බෝල් පරිපාලනයට ද හංවඩුවක් වැදීම නොනැවත්විය හැකි කාරණයක් නොවනු ඇත.ඒ සදහා තනතුරු නාම වෙනස් වීමට වඩා සිදු විය යුත්තේ ක්‍රීඩාවේ ගලාගෙන යන රිද්මය වෙනස් කරමින් වැඩි අවස්ථාවක් ක්‍රීඩාව සහ ක්‍රීඩකයාගේ අවශ්‍යයතාවයන් පදනම් කරගෙන සිදු කිරීමය.
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අතර විශාල ජනප්‍රියත්වයක් ඇති ක්‍රීඩාවක් ලෙස ක්‍රීඩාවේ තාක්ෂණික පසුතල සංවර්ධනය සම්බන්ධයෙන් විශාල දියුණුවක් ලැබීමට අවස්ථාවක් තිබෙන බව දැකිය හැකිය.එසේම ක්‍රීඩා වෛද්‍ය ඒකකය ආරම්බ කර ඇති නව වැඩි පිළිවෙළ යටතේ වෙනදාට වඩා ජෛව විද්‍යාත්මකව ක්‍රීඩාවේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ශක්තිය වර්ධනය කෙරෙහි අතිරේක පෝෂණ ද්‍රව්‍ය ආදිය ලබා ගැනීමට ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ මැදිහත් වීම බහුලව ලබා ගත හැකි ආකාරයට ක්‍රීඩාවේ පරිපාලන ඒකකය මැදිහත් විය යුතුය.
විශේෂයෙන්ම අද ප්‍රමුඛතා ලැයිස්තුවට බලෙන් මෙන් රිංගා සිටින ශ්‍රී ලංකාවට ජාත්‍යයන්තර තත්ත්වයට ළගා වීමට අපහසු යැයි හැගෙන ක්‍රීඩා අතර බේස්බෝල් ඉදිරියෙන් සිටින අතර,විශේෂයෙන්ම ජපානය සහ කොරියාව වැනි රටවල ජනප්‍රියතම සහ අධික ලෙස වෘත්තීය මට්ටමෙන් ක්‍රියාවට නැගෙන ක්‍රීඩාවක් ලෙස විශාල වශයෙන් ලංකාවට දියුණු වීමට අවස්ථාවන් ඇති ක්‍රීඩාවක් ලෙස ද බේස්බෝල් දැකිය හැකිය.
No comments:
Post a Comment