අනූෂා |
අවසාන පූර්ව තරගයේදී සත්කාරක ටියුනීසියාව නියෝජනය කළ මාලෙක් වර්ටිනී ලකුණු 14 /4 ක් ලෙස පරදා පහසුවෙන් අවසාන තරගය සදහා පිවිසි අනූෂා රන් පදක්කම සදහා වන තරගයේදී ලොටා ව ඊටත් වඩා පහසුවෙන් පරාජය කරන්නට සමත් වූවාය.ස්ලිම්ලයින් බොක්සිං සමාජය නියෝජනය කරන ඈ, අනුරුද්ධ රත්නායක,වසන්ත කුමාර මෙන්ම මෙම තරගාවලියට සහභාගි වන හර්ෂ කුමාර වැනි පුහුණුකරුවන් ගණනාවක් යටතේ මෙන්ම ජාතික පුහුණුකරුවන් ලෙස සේවය කළ කියුබානු පුහුණුකරුවන් යටතේද පුහුණුව ලබා ඇත. මෙම තරගාවලියට සහභාගි වූයේ හර්ෂ කුමාර යටතේ පුහුණුව ලබමින් වන අතර මෙම ජයග්‍රහණය පිටුපස අනූෂා ගේ විශාලතම ශක්තිය වූ ඩයන් ගෝමස් කණ්ඩායම් කළමණාකරු ලෙස ඇය අතර රැදීමද ඇයගේ මානසිකත්වයට විශාල ශක්තියක් සහ සහනයක් වූවාට සැක නැත.
ශිරෝමාලා |
සිතාරා |
57 බර පංතියේ ලෝකඩ පදක්කමේ හිමි කාරිය වන්නට සමත් වූවාය.විද්‍යාණුකූල බොක්සි ක්‍රීඩිකාවක ලෙස ශ්‍රී ලංකාවේ වැඩෙමින් පවතින බොක්සි ක්‍රීඩිකාවන් අතර වැඩි අවධානයක් දිනා ඇති සිතාරා,ජාතික මට්ටමෙන් දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව ලෙස ඇගයීම් ලද ක්‍රීඩිකාවක්ය.ඒ නිසා මෙම තරගාවලියෙන් පසුව ඇති වන අනූසා ගේ හිස්තැන සදහා ජාත්‍යන්තර කාන්තා බොක්සිං පිටියට ලංකාවේ නම රැදවිය හැකි ක්‍රීඩිකාවක් ලෙස ප්‍රවේශ කළ හැකි ක්‍රීඩිකාවන් අතර සිතාරා ද පෙරමුණේම රැදෙන ක්‍රීඩිකාවක්ලෙස හැදින්විය හැකිය.
තරගාවලියේ විශේෂත්වය වන්නේ තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් එක් වූ ක්‍රීඩිකාවන් තිදෙනාම පදක්කම් අතර සිටීමය.ශ්‍රී ලංකා බොක්සිං ඉතිහාසයට අලුත් වාර්තාවක් වන මේ සියල්ලෝම පදක්කම් රැගෙන එන තරගාවලිය ශ්‍රී ලංකාවේ කාන්තා බොක්සිං ක්‍රීඩාවේ අලුත් පිටුවක් පෙරළිමට අවස්ථාවක් කර ගන්නේ නම් අපූරුය.දැනට කාන්තා බොක්සි ප්‍රමාණාත්මකව ව්‍යාප්ත වී නොමැති වීම මෙන්ම ප්‍රමාණවත් තරග ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රියාත්මක නොවිම ගැටළුකාරී තත්ත්වයක් වන අතර ඒ අඩුව පිරවිය යුතු බවට දුන් සංඥාවක් ලෙස බොක්සිං පරිපාලනය මෙන්ම රටේ ක්‍රීඩාවේ පාසල් හා ජාතික පරිපාලනද අනූෂා,සිතාරා සහ ශිරෝමාලාගේ මෙම දක්ෂතාවය භාර ගත යුතු බව අපි විශ්වාස කරමු.
www.supirikrida.com
No comments:
Post a Comment