තිදෙනෙකු
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර අත් දැකීම් ඇති 2011 වසරේ කිලෝග්‍රෑම් 46 බර පංතියේ ලොව 9 වන තැනට ශ්‍රේණිගතව සිටි අනූෂා කොඩිතුවක්කු සහභාගි වන ක්‍රීඩිකාවන් අතරින් ඉදිරියෙන් සිටින අතර ඇය ස්ලිම්ලයින් බොක්සිං ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවකි.ගෙවුණු ආසියානු කාන්තා බොක්සිං සූරතාවලියේදී ලෝකඩ පදක්කමකට හිමි කම් කී ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන ශිරෝමාලි වීරරත්න ද මෙම තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර තෙවැන්නිය වන්නේ මාස් සදර්න් ක්‍රීඩා සමාජයේ සිතාරි සදරේඛා යි.කණ්ඩායම් පුහුණුකරු ලෙස ජාත්‍යන්තර අත්දැකීම් ඇති හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර අත්දැකීම් ඇති පුහුණුකරුවෙකුද වන ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ හර්ෂ කුමාර සහභාති වන අතර සහය පුහුණුකරු වන්නේ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරන ඩබ්ජේ මෙණ්ඩිස් ය.රොබට් වෙලින්ටන් ද මෙම තරගාවලියට විනිසුරුවෙකු ලෙස එක්වන අතර,කණ්ඩායමේ කළමණාකරු ලෙස ලාකේය බොක්සිං ක්‍රීඩාවේ ප්‍රබෝධයේ මග පෙන්වන්නා වන ඩයන් ගෝමස් සහභාගි වේ.සාමාන්‍යයෙන් ඩයන් ගෝමස් අසලින් සිටින විට එය යහපත් ප්‍රතිපල වලට ආශිර්වාදයක් බව ජාතික මට්ටමේ බොහෝ ක්‍රීඩකයන්ගේ විශ්වාසයක් වන බැවින් එය මෙම ක්‍රීඩිකාවන් තිදෙනාටද ආශිර්වාදයක් වන්නැයි සුපිරික්‍රීඩා සුභ පතන්නෙමු.www.supirikrida.com
No comments:
Post a Comment