
තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැපවීමකින් පුහුණු කටයුතු කළ බව කී අනූෂා,තමා ඔලිම්පික් නියෝජනය බලාපොරොත්තුවෙන් වැඩි බර පංතියකට පිවිස ක්‍රීඩා කළ ද,යළි එම තත්ත්වයෙන් මිදී ස්වභාවික බර තත්ත්වයට පිවිස ක්‍රීඩා කිරීමට ලැබීම ද මෙහිදී වාසියක් වූ බව පැවසුවාය.තමා සමග මෙම තරගාවලියට සහභාගි වූ ශිරෝමාලා සහ සිතාරා දෙදෙනා ද විශාල කැපවීමකින් ක්‍රියා කළහොත් මේ ජයග්‍රහණ ඉදිරියට ආරක්ෂා කළ හැකි බවපැවසූ අනූෂා ශිරෝමාලා හොදින් අභියෝග ජය ගත්තද,ඇයට තරග සටහන සැකසීමේදී ම යම් වාසිදායක තත්ත්වයක් උදා වු බව පැවසුවේ ඇය ඉහළ බර පංතියක තරග වැදීමේ වාසිය ද හිමි කර ගත් බව පවසමින්ය.
සිතාරා ට ඒ පදක්කම වෙනුවෙන් හොද තරගයක් දෙන්න වුණා යැයි පවසන අනූෂා මෙම ජයග්‍රහණ වලට වඩා ජාත්‍යන්තර මට්ටමේදී විශාල අභියෝග හමුවන බව පෙන්වා දුන් අතර ඒ සදහා මෙම ක්‍රීඩිකාවන් බොහෝ කැපවිම් කරමින් පුහුණුවීම් කර ගෙන යා යුතු බව පෙන්වා දුන්නාය.තම අවසාන විදේශ තරගාවලියේ දී බොක්සිං ජීවතයේ සියළු ශක්තීන් සම්පාදනය කළ පුද්ගලයා ලෙස ඩයන් ගෝමස් අසළින් රැදී සිටීම තමාට විශාල ශක්තියක් වූ බව පෙන්වා දුන් අනූෂා,ඒ ශක්තියේ වටිනාකම සිය වචන වලට හරවමින් පැවසුවේ 'මේ ජයග්‍රහණයේ ගෞරවයෙන් වැඩි ප්‍රමාණයක් ඩයන් ස්ර්ට හිමි විය යුතුයි' යනුවෙනි.
ආධුනික මට්ටමේ ක්‍රීඩිකාවක ලෙස වසර 10 ක පමණ කාලයක් බොක්සිං කවයේ රැදී සිටිමින් කළ දේ පිළිබදව තෘප්තියට පත්වන බව කි අනූෂා සිය සමුගැන්මෙන් පසු තරග කිහිපයක් හෝ වෘත්තීය බොක්සිං ක්‍රීඩිකාවක ලෙස තරග කිරීමේ සිහිනයක් තිබෙන බව පෙන්වා දුන්නාය.එහිදි ආරක්ෂක හිස් වැසුම් ආදියෙන් තොරව නිරාවරණව තරග වැදීමට අනූෂාට සිදු වන අතර ඇය ඒ සදහා සූදානම් වීමට ඉදිරි කාලය කැප කිරීමට බලාපොරොත්තු වන්නීය.
www.supirikrida.com
No comments:
Post a Comment