Nov 15, 2012

නදීකා යළි කිරුළ රැක ගනියි

ශ්‍රී ලංකා යුධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා සූරතාවලියේ දෙවන දිනය ගෙවෙන විට කාලතුවක්කු රෙජිමේන්තුව ප්‍රථම දිනයේ ඉදිරියෙන් සිටි විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජ්මේන්තුව අභිබවා ඉදිරියට එන්නට සමත් වී තිබුණා.ප්‍රථම දිනයේ එක් වූ නව තරග උළෙල වාර්තා පහට ඊයේ දිනයේ තවත් වාර්තා නව තරග වාර්තා අටක් එකතු වුණා.ඒ අතරින් ජාතික සූරතාවලියේ පරාජයට පත් වූ කාන්තා හෙල්ල වීසි කිරීමේ ජාතික වාර්තාලාභිණිය වන නදීකා ලක්මාලි යළිත් දක්ෂතා අතරට පිවිස ජාතික සූරතාවලියේදී තමන් පරාජයට පත් කළ දිල්හානි ලේකම්ගේ දෙවන තැනට පත් කරමින් එම ඉසව්ව නව තරග වාර්තාවක් (මීටර් 56.76) සමග ජය ගැනිම කැපී පෙණුනා.                                  එසේම දැනට ශ්‍රී ලංකාවේ මල ක්‍රීඩා පිටියේ සිටින ජ්‍යෙෂ්ඨතම ධාවිකාව වන ඩීඒ ඉනෝකා මීටර් 10000 ඉසව්ව නව වාර්තාවක් සමග ජය ගැනීම කැපී පෙණුනා.විනාඩි 38.01.67 ක කාලයක් වාර්තා කරමින් ඇය එම ඉසව්ව ජය ගත් අතර චම්පිකා දිල්රුක්ෂි වර්ථම‍ාන ලාකේය මැදි දුර ධාවන සූරිය ලෙස තමන් සතු කීර්තිය විනාඩි 2:06.01 කින් මීටර් 800 නව තරග වාර්තාවක් සමග නිම කරමින් සනාත කළා.
ජාතික සූරතාවලියේදී හොදම කෙටි දුර ධාවන පිරිමි දක්ෂතාවයට මෙන්ම කඩුලු පැනීමේ හොදම පිරිමි දක්ෂතාවයට ද සම්මාණනීය වූ ජගත් ගුණතිලක මෙම තරගාවලියේදී සිය හැකියාවන් තව දුරටත් තහවුරු කළේ තත්පර 51.71 ක් වූ නව උළෙල වාර්තාවක්ද සමග එම ඉසව්ව ජය ගනිමින්.එසේම අනාගත දුර පැනීමේ ලාංකේය බලාපොරොත්තුව ලෙස හැදින්වෙන මිලාන් සම්පත් දිසානායක දුර පැනීමේ ඉසව්වේදී මීටර් 7.63 ක දක්ෂතාවයක් දක්වමින් නව තරග වාර්තාවක් පිහිටවනු ලැබුවා.ආර්එම්එස් පුෂ්පකුමාර ද මෑත කාලයේ මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ තමන් සතු ආධිපත්‍යය යළිත් තහවුරු කළේ  එම ඉසව්ව විනාඩි 9:02.65 ක දක්ෂතාවයක් දක්වමින්.මේ අතර ඒ කේ පෙරේරා මීටර් 100 කාන්තා කඩුලු පැනීම ඉසව්ව ජය ගත්තේ තත්පර 15.27 ක කාලයකින් නව තරග වාර්තාවක්ද සමගින් වූ අතර ජාතික සූරතාවලියේදී ස්ථානයක් දිනා ගැනීමට අපොහොසත් වූ ජාතික මට්ටමේ උස පැනීමේ ඉසව්වේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක වන තරංගා විනෝදනී එම ඉසව්ව මීටර් 1.73 ක දක්ෂතාවයක් දක්වමින් ජය ගත්තේ නව තරග වාර්තාවක් ද සමගින්.









 www.supirikrida.com

No comments: