අමුත්තා පැමිණියේ මංජුල කුමාර උස පනින අයුරු නරඹන්නද? |
තරග ආරම්භක සහයට සිටි තැනත්තා අසළින් හොයා ගත් කිරි පැකට්ටුවකින් තට්ටුවක් දැමීය.ප්‍රතිපලය වූයේ ඔහු තව දුරටත් ධාවන පථය තුළට තල්ලු වීමය.අනතුරුව කම්බියකින් ඔහුව ඉවත් කිරීමට සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ඡායාරූප ශිල්පියා ඉදිරිපත් විය.ඒ වන විට අමුත්තා තමන් සදහා තරගය ක්‍රියාත්මක වූ කාලයෙන් විනාඩි 10 ට ආසන්න කාලයක් වෙන් කර ගෙන තිබිණ.නමුත් එහු ඉවත් කිරීමට වගකිව යුතු මැදිහත්වීමක් සිදු නොවුණු තැන සන්ඩේ ටයිම්ස් ඡායාරූප ශිල්පී අමිල ප්‍රබෝධ මැදිහත් විය.නමුත යලි යළිත් ප්‍රේක්ෂකාගාරයේ කම්බි වැටේ එල්ලුණු අමුත්තා ක්‍රීඩා පිටිය දෙසට සිය ගිජු බැල්ම එල්ල කරන්නට විය.අවසානයේ මහා වර්සාව පැමිණ උස පැනීමේ තරගය කඩා කප්පල් වීමට ආසන්න වන තුරුම ක්‍රීඩා පිටියට ඇතුග් වන්නට ඇතුල්වන්නට වෙර දරන අමුත්තා වැළක්වීමට මගේ මාධ්‍ය රාජකාරියට අමතරව අමතර රාජකාරියක් ලෙස සිදු කරන්නට විය.
අමුත්තා ගැටළු කිහිපයක් ඉතිරි කළේය.රටේ ප්‍රධානතම ධාවන පථයට විශාල ආරක්ෂක සහ සේවක පිරිසකගේ ඇස් වසා ඇතුල් වූයේ කෙසේද? සහය ආරම්භක නිලධාරියා හිස් කිරි පැකට්ටු වලින් ගසා ඉවත් කරන්නට අසාර්ථක උත්සාහයක නියැලීම පසෙක ලා,තරග ආරම්භයට සම්බන්ධව සිටි නිලධාරීන් ඒ තත්ත්වය තරග පැවත්වීමටත් අපහසුතා ඇති කරමින් මහා හඩින් ක්‍රියාත්මක වන ශබ්දවාහිණී වලින් සුගතදාස සේවකයන් දැනුවත් කර එම අමුත්තා ඉවත් කිරීම වැනි ප්‍රායෝගික භාවිතාවකට නොගියේ මන්ද?
වැදගත්ම දේ ගැරඩියාට පහර දුන්නේ කවුද?
www.supirikrida.com
No comments:
Post a Comment