සමන් කුමාර යළිත් තේරීම් කමිටුවට? යනුවෙන් අප වෙබ් අඩවියේ සදහන් වූ ප්‍රවෘත්තියෙන් ලාල් චන්ද්‍රකුමාර නම් සමන් ගේ සොහොයුරාත් සමනුත් එකම තේරීම් කමිටුවට පත්කිරීමට පොළඹ වන සුළු ප්‍රවෘත්තියක් පළ කිරීම සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ හිටපු අධ්‍යක්ෂ යෝගානන්ද විජේසුන්දර සිය අප්‍රසාදය පළ කළේය.
'එහෙම වුණාම සාධාරණයක් නෑ.හැම වෙලේම ඒ දෙන්න එක මතයක ඉදියි.ඒ වගෙම වාර්තාකරු තේරීම් කමිටු සාමාජිකයෙක් කිරීමට විරුද්ධව පළමුවෙන්ම කරුණු පෙන්වා දීම කළෙත් මමයි,එයාට ඒකේ සාමාජිකයෙක් හැටියට ඉන්න බෑ,නමුත් තොරතුරු සම්පාදනය කිරීම සදහා තීරණ සදහා ඡන්ද බලයක් නැති අයෙකු ලෙස ඔහුව තෝරා ගැනීම අසාධාරණ නැහැ'
එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක් වූ යෝගානන්දයන් ක්‍රීඩාව පිළිබදව ඇල්මකින් සහ දැණුමකින් යුතුව මාධ්‍ය හසුරවන මාධයයක් ලෙස සුපිරි ක්‍රීඩා වෙත කේෂ්ත්‍රයේ ඇති ගෞරවයට මෙවැනි ප්‍රවාත්ති හානිකර විය හැකි බව ද පෙන්වා දුන්නේය.පුද්ගල කේන්ද්‍රීය මාධ්‍ය වෙනුවට ක්‍රීඩාව ප්‍රමුඛත්වයේ සළකන අතලොස්සක් වූ මාධ්‍ය අතර අගය කරන මාධ්‍යයක් වන සුපිරි ක්‍රීඩා මෙවැනි ප්‍රවෘත්තියක් පළ කිරීම පිළිබදව තමන් කණගාටුවන බව ද යෝගානන්දයන් තව දුරටත් අනාවරණය කළේය.
අපේ සටහන
මෙම ප්‍රවෘත්තිය මීට පෙර මාධ්‍ය ගණනාවක පළ වූ අතර ඒ කිසිම මාධ්‍යයක සමන් කුමාර සහ ලාල් චන්ද්‍රකුමාර සහෝදරයන් බව දැන හෝ නොදැන සටහන් කර නැත.ඇතැම් විට ඒ නිසාම මෙවැනි විරෝධයක් මතු වන්නට එය හේතුවක් නොවන්නට ඇත.අප දන්නා තරමින් තවම මෙම පත්වීම සිදු වී නැත.ක්‍රීඩා අමාත්‍යවරයාද අප වෙබ් අඩවියේ පාඨකයෙකු නිසා අප පළමුව පළ කළ ලිපිය මෙන්ම යෝගානන්ද විජේසුන්දරයන්ගේ අදහස ඇතුළත් මෙම සටහන ද එම පත්වීම් බලධාරියා වන ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඇස ගැටෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.අප එම සංයුතියේ සහෝදරයන් දෙදෙනෙකුගේ නම යෝජනා වී ඇති බව හෙළිදරව් කරනු හැර ඔවුන් දෙදෙනාම පත් කළ යුතුය යන මතයේ එල්ඹ නැති බව කිව යුතුය.එයින් අප මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් යම් සැකයක් පහළ වූයේ නම් අප අතින් සිදු වූ ඒ විශ්වසනීයත්වය බිද ගැනීම සම්බන්ධයෙන් අපි මහත් කණගාටුවට පත් වන්නෙමු.නමුත් යෝගානන්දයන්ද පිළි ගන්නා පරිදි තේරීම් කමිටුව සමන් කුමාරගෙන් දත්ත ලබා ගැනීමේ සේවය ලබා ගැනිම වැදගත් බව අප ප්‍රකාශ කරනු කැමැත්තෙමු.
www.supirikrida.com

No comments:
Post a Comment