Oct 23, 2012

ක්‍රීඩා සංගම්වල නිල කාලය සිව් වසරකට දීර්ඝ කෙරේ!

ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සදහා වන නව නීති සකස් කිරීමේදී ක්‍රීඩා සංගමයක නිල කාලය සිව් වසරක් දක්වා දීර්ඝ කෙරෙන බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ නෙට්බෝල් දිස්ත්‍රික් සංගම්වල අදහස් විමස බැලිම සදහා ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ පැවති හමුවකදී යි.එහිදි තව දුරටත් අදහස් දැක් වූ දිස්ත්‍රික් සංගම්වල ක්‍රියාකාරිත්වය ද ඡන්දය දිමට පමණක් තිබෙන්නේ නම් එවැනි සංගම් වල බලය අහෝසි කරන බව පෙන්වා දුන් අතර ඔවුන් ක්‍රියාකාරීව වැඩ කළ යුතු බව ද පෙන්වා දුන්නේය.එසේම ක්‍රීඩාවට සම්බන්ධ ව්‍යාපාරවල නිරත වන්නන්ට සහ,සිය දූ දරුවන් ක්‍රීඩාවේ යෙදෙන දෙමව්පියන්ට ද ක්‍රීඩා පරිපාලනයට පිවිසීමට නොහැකි බව අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
ක්‍රිකට් සහ මලල ක්‍රීඩා ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ ලැබිය හැකි ක්‍රීඩා බව ඔප්පු කර තිබෙන බව පැහැදිළි කළ ක්‍රීඩා අමාත්‍යවරයා සිව්වරක් දිනා ගත් ආසියානු නෙට්බෝල් සූරතාවය මෙවර එය දිනා ගැනීමට සියළු ශක්තින් තිබියදී අහිමි වූ බව පෙන්වා දෙමින් ඒ සදහා ක්‍රීඩාවේ පාර්ශවකරුවන් වගකිව යුතු බව පෙන්වා දෙනවා.බලය ලබා ගැනිමට පාර්ශව නිර්මාණය කර  ගැනීම හැරෙන්නට ජාතික වශයෙන් ක්‍රීඩාව නගා සිටුවීමට සියල්ල එක්සත්ව වැඩ නොකිරිම පිළිබදව උදාහරන සහිතව පෙන්වා දුන් අමාත්‍යවරයා දැල් පන්දු ආසියානු සූරතාවය අහිමිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මව් සංගමය අමාත්‍යංශය  පවා නොමග හැර තිබෙන බවත්,දැනට පරාජය සම්බන්ධයෙන් විමසා බලන කමිටුව එවැනි කරුණු ගණනාවක් සොයා ගෙන  ඇති බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.
එසේම ඉදිරියේදි ජාතික සංගම්වල දේශපාලනඥයන් පත් කිරීම පිලිබදව ද දැඩි නීති රීති ගෙන ඒමට නව සංශෝධන වලදී කටයුතු කරන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
www.supirikrida.com

No comments: