Oct 23, 2012

ආම්ස්ට්‍රෝන් ගේ පාපැදි වාර්තාවේ හුළං යයි


ප්‍රංශ පාපැදි සවාරිය සත් වරක් ජය ගැනීමේ දුෂ්කර කාර්යය ඉටු කිරීමට තහනම් උත්තේජක වල සහය ලබා ගෙන ඇති බවට චෝදනා එල්ල වූ ඇමෙරිකානු පාපැදි ක්‍රීඩක ලාන්ස් ආම්ස්ට්‍රොන්ග් ඊට එරෙහිව සිය නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට ගත සියළු උත්සාහයන් ව්‍යර්ථ කරමින් මුළු ජීවිත කාලයටම ඔහුව ක්‍රීඩා තහනමකට යටත් කිරීමටත් සත් වරක් ජය ගත් ප්‍රංශ කිරුළේ ජයග්‍රහණ සියල්ල අහිමි කිරීමටත් ඇමෙරිකානු තහනම් උත්තේජන නියෝජිතායතනය තීරණය කර තිබෙනවා.පිළිකාව සමග තරග කරමින් අප්‍රතිහත ධෛර්‍ය පිළිබදව ලොවට පරමාදර්ශ සැපයූ ආම්ස්ට්‍රෝන්ග් ඇරඹූ පිලිකා රෝගීන් සදහා වූ සුභසාධන ව්‍යාපාරයට සම්බන්ධ අනුග්‍රාහක ආයතනද මේ සිදුවීමත් සමග ඔහුගෙන් ඈත් වී යන්නට පටන් ගෙන තිබෙන්නේ ඇති විට ඇති නැති විට නැති නෑයන් මෙනි.

Livestrong  නම් වූ ඔහුගේ ප්‍රධානත්වයෙන් පවතින පිලීකා රෝගීන් සදහා ආධාර උපකාර කරන පදන‍ම මගින් කරන ලද අති මහත් සේවය සිය පාපැදි ජයග්‍රහණ මගින් ඉපයූ කීර්තිය යහපත් ආකාරයට වැය කිරිමක් ලෙස ප්‍රශංසාවට ලක්විය යුතු නමුත් එම ජයග්‍රහණ වාර්තා කර තිබෙන්නේ අයහපත් ක්‍රමවේදයකට යන්න ඔප්පු වීමත් සමග සියල්ල කණපිට හැරෙමින් පවතිනවා.පිළිකා රෝගයෙන් පීඩා විදිමින් පාපැදි තරග සදහා සහභාගි වූ ආම්ස්ට්‍රෝන්ග් විසින් ගන්නා පිළිකා මර්ධන ‍‍ඖෂධ ද තහනම් උත්තේජක ගණයට වැටුණ ද එම ප්‍රතිකාර සම්බන්ධයෙන් ආම්ස්ට්‍රොන්ග්ට ගැටළුවක් වන්නේ නැහැ.නමුත් එම නියමිත ඖෂධ ඉක්මවා වෙනත් තහනම් උත්තේජන භාවිතයට ගත් බවට මේ වන විට ඔප්පු වී ඇති කරුණු සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණ වලින් පසුව අමෙරිකානු තහනම් උත්තේජන නියෝජිතායතය මෙම තීරණයට එලැඹ තිබෙනවා.
හැමදාම සුන්දරත්වය නොපවතිනු ඇති බවත් බලාපොරොත්තු බිද දැමුවාට සමාවන ලෙසත් සිය පිලිකා පදනම 
එ සමගම ආම්ස්ට්‍රොන්ග් සිය ජයග්‍රහණ හරහා උපයාගත් මුදල් සහ තයාගවල වටිනාකම ද අහිමි වීමට ඉඩ පවතින අතර ඇතැම් විට  මේරියන්ස් ජෝන්ස් සම්බන්ධයෙන් ගත තීරණයට සමාන අධිකරණ තීරණයකට යොමු වන්නට ඇති ඉඩ හේතුවෙන් සළකන විට ලෝකයම භක්තියෙන් සැළකුම් කරන ලද ආම්ස්ට්‍රෝන්ගේ අප්‍රතිහත ධෛර්‍යය පිළිබදව මිනිසුන්ගේ සිත් තුළ ඇති කළ ගෞරවය කළකිරීමකට පෙරළෙන්නට ඉඩ තිබෙනවා.කෙසේ නමුත් සිය ජයග්‍රහණ වල ගෞරවය ලොව පුරා සිටින පිළිකා රෝගින් ගේ සුබසාධනයට වැය කරමින් ආම්සට්‍රෝන්ග් කළ සේවය නිසා ඔහු ගේ හදවත තුළ ජීවත් වූ පරාර්ථකාමී මිනිසා ගේ ගෞරවයනම් එයින් වරප්‍රසාද ලත් පිළිකා රෝගින්ගේ හදවත් වලින් පලා නොයනු ඇත.'හැම දිනක්ම ලස්සනට නොපවතින බවත්තමා පිළිබදව ඇති කර ගත් විශ්වාසය බිද වැටීම පිළිබදව සමා වෙන ලෙසත්' සිය පිළිකා පදනමේ සංවත්සරික උත්සවය අමතමින් පවසා ඇති ආම්ස්ට්‍රෝන්ග් ට සියල්ල අහිමි වුව ද,ඔහු විසින් ලක්ෂ සංඛ්‍යාත ජන පිරිසකට ජීවත්වීම කෙරෙහි ඇති කළ බලාපොරොත්තුව සහ ආරක්ෂාවට අයත් විය යුතු කීර්තිය සහ පැසසුම නම් හදවත් තුළින් මැකී නොයනු ඇත.
www.supirikrida.com

No comments: