Oct 26, 2012

එංගලන්තය පැරදවීමේ උත්සාහය ව්‍යර්ත වෙති

පානයේ පැවත්වෙන බැඩ්මින්ටන් කණිෂ්ඨ කණ්ඩායම් සූරතාවලියේදී එංගලන්තය පරාජය කිරීමට තිබුණු අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේ එංගලන්තයට තරග 4 - 1 ක ජයක් හිමි වෙමින් ය.ශ්‍රී ලංකාව වෙනුවෙන් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සිසුවෙකු වන සචින් ඩයස් එකම ජයග්‍රහණය ලබා දුන් අතර සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම මෙම පරාජයට හේතු විය.
ශ්‍රී ලංකා ජාතික සූරිය වන තිළිණි ප්‍රමෝදිකා හෙන්දහේවා පිළිබදව විශාල බලාපොරොත්තුවකින් පසු වුවද ඇය තියුණු තරගයකින් පසුව එංගලන්තයේ ක්ලෝ බ්‍රිච් අතින් පරාජය වූවාය.ප්‍රථම වටය ලකුණු 21 - 14 ක් ලෙස ජයගත් එංගලන්ත ක්‍රීඩිකාවට තියුණු තරගයක් ලබා දෙමින් පෙරට පැමිණි ශ්‍රී ලංකා ජාතික සූරිය අවසානයේ එම තරග වටය ද 20 - 22 ලෙස පරාජය වීමෙන් ක්ලෝට තරග වට 2 - 0 ක ජයක් හිමි වූවාය.
බැඩ්මින්ටන් පරිපාලනයේ අපිළිවෙල නිසා පළමු මොහොතේම තරගාවලියට මුදල් අනුග්‍රහයක් නොලැබෙන බව කී නිසා ජාතික මට්ටමේ දක්ෂ කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම තරගාවලියට ඉදිරිපත් නොවූ අතර පාසල් සංගමයෙන් නිසි පරිදි දක්ෂ දක්ෂයන්ගේ නම් ලබා නොදිම නිසා ඉල්මි වරංගනා වැනි කණිෂ්ඨ ක්‍රීඩිකාවකට ද මෙම තරගාවලිය අහිමි වූවාය.ඒ ගැන කරුණු පැහැදිළි කළ ජාතික බැඩ්මින්ටන් සංගමයේ පාලිත හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ ජාතික සංගමයේ ඉල්ලීම පරිදි පාසල් සංගමයේ ලේකම්වරයා විසින් යොමු කරන ලද නාම ලේඛණයේ ඉල්මි වරංගනා ගේ නම නොමැති බව ය.
කෙසේ හෝ මෙම සංචාරයට වැඩිම පිරිසක් සහභාගි කිරීමේ අවස්ථාව ලබනු වෙනුවට දක්ෂයන් කිහිප දෙනෙකු පමණක් සහභාගි කළේ නම් සහ වැඩි පිරිිසකට අවස්ථාව ලබා දෙනු වෙනුවට දක්ෂයන් පමණක් තරග සදහා යෙද වූයේ නම් තරග ජයග්‍රහණයට ද අවස්ථාවක් තිබුණු බව එංගලන්ත තරග ප්‍රතිපල වලින් පැහැදිළි කර ගත හැකිය.
සබදතාවය - http://bwf.tournamentsoftware.com/sport/teammatch.aspx?id=A054CF3F-1362-4F98-B775-49147DA40D16&match=50
එංගලන්තය සිය රටේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු පමණක් සහභාගි කර ඇති අතර එහෙත් රටේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් තරගය සදහා යොදා ගත්තේ පස් දෙනෙකු පමණි.ශ්‍රී ලංකාව තරග නැරඹිමටත් සමග 16 දෙනෙකු ගේ කණ්ඩායමක් සහබාගි කර ඇති අතර සචින්,බුවනෙක,ෂුස්මිතා සහ තිළිණි වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි තරග ප්‍රමාණයකට යෙදවීම වෙනුවට ඔවුන් වැඩි පිරිසකට අවස්ථාව ලබා දීමට යාමෙන් රටට ලබා ගත හැකි ජයග්‍රහණ වළකා ගෙන ඇත.ඒ බව වැඩි දුරටත් පැහැදිළි කර ගැනීමට එහත දක්වා ඇති සබදතාවය ඔස්සේම පරික්ෂා කර එංගලන්තය තරග සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොදවා ඇති ආකාරය විමසා බැලීමට හැකිය.
www.supirikrida.com

No comments: