Oct 27, 2012

වව්නියාවේ මේස පන්දු තරගාවලි දෙකක්

ව්නියාව නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නොවැම්බර් 10 සහ 11 යන දෙදින තුළ අබාන්ස් අනුග්‍රහය ඇතිව කණිෂ්ඨ වයස් සීමා මේස පන්දු තරගාවලි දෙකක් පැවත්වීමට කටයුතු යොදා ඇත.ආසියානු සහ ජර්මන් හුවමාරු වැඩ සටහන යටතේ පින්ග්පොන්ග් ඇකඩමිය විසින් මෙහෙයවන මෙම තරගාවලි දෙකේ පළමු වැන්න යාපනය දිස්ත්‍රිත් තරගාවලිය නොවැ්බර් 10 දා පැවත්වේ.මෙම තරගාවලිය සදහා ඉල්ලුම් පත් භාර ගැනීමේ අවසාන දිනය නොවැම්බර් 5 දා වන අතර නොවැම්බර් 10 උදෑසන 7.00 ට තරග සටහන එළි දැක්වීමේ කටයුතු සිදු වීමට නියමිත අතර තරගාවලිය පෙ.ව.8.00 ට ඇරඹීමට නියමිතය.
වව්නියා නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නොවැම්බර් 11 දා පැවත්වීමට නියමිතව ඇත්තේ උතුරු නැගෙනහිර පළාත් වයස් සීමා කණිෂ්ඨ තරගාවලියය.එම තරගාවලිය සදහා ද ඇතුළත් වීමේ අවසාන දිනය නොවැම්බර් 5 දා වන අතර 11 දා උදෑසන පෙ.ව.7.00 ට තරගාවලි සටහන එළි දැක්වෙන අතර තරගාවලිය පෙ.ව. 8.00 ට ඇරඹේ.තරගාවලි දෙකටම අවුරුදු 9 න් පහළ,11 න් පහළ,13 න් පහළ,15 න් පහළ,17 න් පහළ සහ 19 න් පහළ ලෙස වයස් ඛාණ්ඩ යටතේ බාලක බාලිකා තරග ඇතුළත් වේ.
www.supirikrida.com

No comments: