
වැඩිම තරගකරුවන් පිරිසක් සහභාගි කරන ඉන්දුනීසියාව 22 ක කණ්ඩායමක් ද,මැලේසියාව 21 ක කණ්ඩායමක් ද,චීන තායිපේ කණ්ඩායම 20 ක කණ්ඩායමක් ද තරගාවලිය සදහා ඉදිරිපත් කර ඇති අතර සත්කාරක ජපානය ද ශ්‍රී ලංකාව හා සම තැන ගනිමින් ඉදිරිපත් කර ඇත්තේ 16 ක කණ්ඩායමකි.අනුග්‍රාහකත්වයන් සොයා ගත යුතු බවට කරන ලද දැණුම්දීම් නිසා මෙවැනි තරගාවලි සදහා දක්ෂ ක්‍රීඩකයන් ආර්ථික අපහසුකම් නිසා තේරීම් තරග වලට ඉදිරිපත් නොවන අතර ඒ අනුව තරග වලට සහභාගි වන ක්‍රීඩකයන්ගෙන් තේරීම් තරග පවත්වා කණ්ඩායම් තෝරා ගැනීම සිදු කරයි.මේ නිසා මෙවැනි තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරන පිරිස දක්ෂතා මත පදනම් නොවන මුදල් මත පදනම් තේරීමකින් පෙරට එන පිරිසකි.තවත් විශේෂත්වයක් වන්නේ බොහෝ විට තෝරා ගැනීම් වලින් පසුව එම තෝරා ගැනීම්වල පෙරට එන පිරිසට අනුග්‍රාහකත්වයන් හිමි වීමය.ඒ නිසා තේරීම් වලට පෙර අනුග්‍රාහකයන් නොමැති බවට කරන ප්‍රචාරය සිතා - මතා දක්ෂයන් කප්පාදුකර වෙනත් පිරිසක් තෝරා ගැනීමට කරන පරිපාලන උප්පරවැට්ටියක්දැයි සැක සහිතය.
www.supirikrida.com
No comments:
Post a Comment