මිගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස අන්තර්ජාතික ක්‍රිකට් තලයට පිවිසීම සදහා සීසීසී ක්‍රීඩා සමාජයේ වාරුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසි ග්‍රේම් ලැබ්රෝයි අද තරග තීරකයෙකු වන අතර ඔහු ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඔවුන් සීසීසි ක්‍රීඩා සමාජය ඇතුළු ක්‍රීඩා සමාජ කිහිපයක වරප්‍රසාද උල්ලංඝණය වන පරිදි ගෙන ඇති තීරණය සාධාරණ කිරීමේ කතාව කිරීමට ඉදිරිපත් වූයේ නැගපු ඉණිමගට පයින් ගැසූ මිනිහාගේ කතාව සිහිපත් කරමින්ය.
නමුත් අමාත්‍යංශය වෙනුවෙන් පැමිණ සිටි ලේකම්වරයාට ද ක්‍රිකට් ක්‍රීඩාවට සහ ක්‍රීඩා සමාජ වලට හානිය පෙන්වා දෙමින් තර්කාණුකූලව කරුණු දැක්වූ ක්‍රිකට් ක්‍රීඩා සමාජ නියෝජිතයෝ අමාත්‍යංහ ලේකම්වරයා ඇතුව විද්වත් පිරිසට කරුණු පැහැදිලි කිරිමෙන් පසුව සිය යෝජනා ඉදිරිපත් කිරිමට අවස්ථාවක් දිනා ගැනීමට සමත් වූහ.ඒ අනුව ඒ සාකච්ඡාව දෙසැම්බර් 03 දා නැවත සාකච්ඡාවක් පැවත්විමට නියමිතය.
www.supirikrida.com
No comments:
Post a Comment