පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන තෙවන ටෙස්ට්
තරගයේදී තරගයේ පැය කිහිපය තුළ පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායමේ පිතිකරුවන්ගේ ඉවසීම
ඉතාමත් වැදගත් වනු ඇති බව තරගයට යොදා ඇති තණතීරුව ගැන අදහස් පළ කරන ක්‍රිකට්
විචාරකයන්ගේ අදහස වී ඇත.ඒ වාසිය හෙට දිනයේදී බොහෝ විට ශ්‍රී ලංකාව මගින් අත් කර
ගන්නට නම් පෙර තරග වලට වඩා උනන්දුවකින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන්
පළමු තරග දෙකට වඩා උනන්දුවකින් කටයුතු කළ යුතුව ඇතැයි ද එම විචාරකයන් ගේ අදහස වී
ඇත.
පාරිසරික සහ දේශගුනික තත්ත්වයන් ගැන හොද අවබෝධයකින්
සිටින මහේල මෙම තරගයේදී කාසියේ වාසිය දිනුවොත් පන්දු යවනු ඇතැයි එම විචාරක
විශ්වාසය වී ඇති අතර පකිස්තාක කදවුරට සම්බන්ධ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ
තණතීරුවේ මුල්න්ම පන්දුවට පහරදීම වාසි සහගත වේ යැයි ඔවුන් තුළ විශ්වාසයක් පවතින
බවය.ඒ නිසා කාසියේ වාසිය දිනුවත් පැරදුනත් පන්දු රැකීම තෝරා ගැනීමට කල්පනා කරන මේ
ක්‍රීඩා පිටිය පිහිටි ප්‍රදේශය ගැන අවබෝධයක් ඇති ශ්‍රී ලංකාවට, ඒ අවබෝධය ප්‍රයෝජනයට
ගනිමින් තරගයේ මුල් කාලයේ දී වේග පන්දු යවන්නන් හරහා පකිස්තානයේ පළමු පෙළ කඩුලු
කිහිපයක් දවා ගනිමින් තරගයට පිවීසීමට වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවට ඇත.
කෙසේ නමුත් මේ තත්ත්වයට මුහුණ දීම සදහා හෙට තරගයේදී
පන්දු යැවීමේ ස්වභාවය මෙන්ම අතිරේක පිතිකරු ශක්‍යතාවය ද සැළකිල්ලට ගෙන තිසර පෙරේරා
කණ්ඩායමට එක් වීමට ඉඩ ඇති අතර නුවන් ප්‍රදීප්ට බොහෝ විට කණ්ඩායමේ ස්ථානය අහිමි
වීමට ඉඩ ඇත. එහෙක් විශාල වශයෙන් දිල්හාර ප්‍රනාන්දු ගැන විශ්වාස කරන ජ්‍යෙෂ්ඨයන්
එම අවස්ථාව ඔහුට පිරිනැමීමටත් ඉඩ ඇත.එසේ වුව හොත් මෙම පකිස්තාන කණ්ඩායමේ ශ්‍රී
ලංකා සංචාරයේ 20/20 සහ එක්දින තරග වල කැපී පෙණුනම ක්‍රීඩකයා වූ තිසර ට මෙම
තරගාවලියද විවේක සවාරියක් වීමට පුළුවන.
මෙම ක්‍රීඩා පිටියේ හොදින්ම දක්ෂතා අතර සිටින පිතිකරු වන
තිලකරත්න ඩිල්ෂාන් ලකුණු අතර සිටීම ද අමතර වාසියක් විය හැකි අතර ඇතැම් විට මෙම තරගයේදී ඩිල්ෂාන් ගේ ඉණිම ආරම්භ
කරන සගයා ගේ වෙනස් වීමක් ද සිදුවිය හැකිය.
No comments:
Post a Comment