කීර්තිමත් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකුව සිටි සහ වර්ථමානයේ දේශිය තරග පිටියේ තරග තීරකයෙකු ලෙස ක්‍රියා කළ ඉග්නේෂස් ආනන්දඅප්පා ජීවිතයෙන් සමු ගත්තේය.හෙට (ජූලි 7) රාවතාවත්ත එම්මානුවෙල් දේවස්ථාන සුසාන භූමියේදී පස්වරු 4.00 ට අවසන් කටයුතු සිදු වීමට නියමිත අතර දේහය මොරටුව,කොරළවැල්ල,කෝනේෂ්වරම් ප්ලේස් හී අංක 24/2 යන ස්ථානයේ තැන්පත් කර ඇත.
කලක් වෘත්තීය ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ ලේකම් ව කටයුතු කර ඇති ආනන්දඅප්පා ටෙස්ට් තරග 6 ක් සහ ජාත්‍යන්තර එක්දින තරග 10 ක් සදහා විනිශ්චයෙන් දායක වී ඇත.අවුරුදු 45 ට වැඩි කාලයක් විනිසුරු දිවියේ ගත කර ඇති ආනන්දඅප්පා මිය යන විට 73 වැනි වියේ පසුවිය.
www.supirikrida.com

No comments:
Post a Comment