පසුගිය මලල ක්‍රීඩා පරිපාලනය
විසින් කෙන්යාවේ පුහුණුව ලබා දුන් සහ අනතුරුව ඇති වූ ගැටළු ගණනාවක් මෙන්ම තහනම්
උත්තේජන චෝදනාවකට දඩුවම් ලැබීම නිසා ද මලල ක්‍රීඩා කේෂ්ත්‍රයෙන් යම් දුරස් වීමක
සිටි චම්පිකා දිල්රුක්ෂි, ඊයේ ජාතික තේරීම් තරග වලදී යළි ක්‍රීඩා පිටියට අවතීර්ණ
වීම සටහන් කළේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගයි.මීට පෙර ද ඇය සතුව තිබී ශානිකා
සමන්මලී විසින් අයිති කරගත් මීටර් 1500 ඉසව්වේ විනාඩි 4 තත්පර 20 සීමාව පළමුව
ඉක්මවා ගිය ක්‍රීඩිකාව බවට පත් වූ චම්පිකා දිල්රුක්ෂි විනාඩි 4 තත්පර 18.5 කින් නව
වාර්තාව සනිටුහන් කරන්නට සමත් වූවා ය.
මීට පෙර සමන්මලී විසින් තබා
තිබූ වාර්තාව වූ 4:22.04 ක් වූ අතර චම්පිකා නව වාර්තාව තැබූ ඉසව්වේදී සමන්මලී ට
හිමි වූයේ තෙවන තැනය.එහි දී දෙවන ස්ථානය ලද මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ ජාතික
වාර්තාලාභිණිය වූ එරංගා දුලක්ෂි විනාඩි 4:22.9 ක කාලයක් ද,සමන්මලී 4:24.9 ක කාලයක්
ද වාර්තා කළාය.
චම්පිකා ගේ පුහුණුකරු වන්නේ
එස්පී ඩී ද සිල්වා ය.
No comments:
Post a Comment