කාය ශක්තිය,ජවය ආදී කාරණා සළකා බලන විට ශ්‍රී ලංකාවට පැසි පන්දුවෙන් ජගත් තලයට පිවිසිම සදහා වැඩි අවස්ථාවක් ඇත්තේ 3x3 ක්‍රීඩාවෙන් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා පැසි පන්දු සම්මේලනය ඒ සදහා තැබූ සාර්ථක පියවරක් ලෙස මේ දිනවල ක්නවම් මාවත රථ ගාල කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක 3x3 පැසි පන්දු තරගාවලිය නම් කරයි.විනෝදකාමි මෙන්ම අඩු කාලයක් තුළ ක්‍රියාත්මක කිරිමට ඇති හැකියාවද සළකා බලන විට මේ සදහා ඇති වානිජමය ආකර්ශණයද සළකා මේ වන විටත් ලෝකයේ අවධානයක් දිනා ගැනිමට ශ්‍රී ලංකාවට ලැබී ඇති හැකියාවත් සළකා මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කිරීමට ජනමාධ්‍යය ද සහයෝගය දැක්වීම වැදගත් බව ද පැසි පන්දු සම්මේලනය වැඩි දුරටත් අවධාරණය කරයි.
පැසි පන්දු සම්මේලන සභාපති මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායකයන්ගේ මූලිකත්වයෙන් කොළඹ බිලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැසි පන්දු පරිපාලනය මේ බව අවධාරණය කළ අතර එහිදී අදියර තුනකට ක්‍රියාත්මක වන නවම් මාවත රථ ගාලේ පැවත්වෙන 3x3 වීදී පැසි පන්දු තරගාවලියේ අනුග්‍රාහක චෙක්පත් ප්රදානය ද සිදු විය.මේ වන විටත් අදියර දෙකක් නිමා වී අති මෙම වීදි 3x3 පැසි පන්දු තරගාවලියේ තෙවන අදියර මෙම මස 7 සහ 8 යන දිනයන්හී දී පැවත්වීමට නියමිතය.
කණිෂ්ඨ ජගත් 3x3 පැසි පන්දු තරගාවලියේ දී ග්‍රීසිය පරාජය පවා පරාජය කර ඇති ශ්‍රී ලංකාව ඉදිරි ජගත් 3x3 පැසි පන්දු තරගාවලිය ද නියෝජනය කරන්නට නියමිත අතර මෙම අදියර තුනේ වඩාත් දක්ෂතා දක්වන කණ්ඩායම රුසියාවේ පැවත්වෙන 3x3 පැසි පන්දු තරගාවලියට සහභාගි කිරීමට නියමිත බව ද මෙම මාධය හමුවේදී අනාවරණය විය.
නවම් මාවත ක්‍රියාත්මක 3x3 පැසි පන්දු තරගාවලියේ දී ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන KOMATHI INTERNATIONAL SERVICES සමග සම අනුග්‍රාහකත්වයන් දරන LANKA TILES PVT LTD, RITZBURY යන ආයතනද,තරගාවලියේ නිල පන්දු අනුග්රාහකයන් ලෙස MOLTTEN ද මෙහිදි සිය අනුග්‍රාහක චෙක්පත් ප්රදානය කළ අතර ජාතික තරගාවලි සම්බන්ධයෙන් පන්දු අනුග්‍රහය දැක්වීමට MOLTTEN සහ ශ්‍රී ලංකා පැසි පන්දු සම්මේලනය අතර වසර තුනක කාලයක් සදහා ගිවිසුම් අත්සන් තැබීමක් ද මෙහිදී සිදුවිය.
www.supirikrida.com

No comments:
Post a Comment