ලොව මීටර් 100 පළමු
ලෝක වාර්තාව ලෙස පිළිගැනෙන්නේ තත්පර 10.6 ක් වූ ඇමෙරිකාවේ ඩොනල්ඩ් ලිපින්කෝට්
විසින් පිහිට වූ වාර්තාවය.1912 ජූලි 6 දා ස්ටොක්හෝම් හී පැවති ඔලිම්පික් තරගාවලියේ
මීටර් 100 මූලික තරගවලට සහභාගි වෙමින් පිහිට වූ එම වාර්තාවට ගෙවුණු ජූලි 6 දා වසර
100 ක් සැපිරිණි. නමුත් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමේ භාග්‍යය ලිපින්කෝට්ට
අහිමි වූ අතර ඔහුට අවසාන තරගයේදී හිමි වූයේ තෙවන ස්ථානය ය.එහි රන් රිදි සහ ලෝකඩ
පදක්කම් ත්‍රිත්වයම ඇමෙරිකාව විසින් දිනා ගත් අතර රන් පදක්කම රැල්ෆ් ක්‍රේග්
විසින් දිනා ගත් අතර ඇල්වා මේයර් රිදී පදක්කම දිනා ගත්තේය.
කෙසේ වුව ලිපින්කෝට් ගේ මෙම වාර්තාව පිලිබදව අවධානය යොමු
කරද්දී විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ ශ්‍රී ලංකාවේ මේ වන විට මීටර් 100 ඉසව්ව
තත්පර 10.6 ට වැඩි කාලයකින් අවසන් කර ජයගත හැකි අවාසනාවන්ත තත්ත්වයක් තිබීම ගැනය.
No comments:
Post a Comment